අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) ලබන 26

    ඔක්තෝබර් 24, 2014

    2015 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දැනට 12 වසරේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) ඔක්තෝබර් 26 වන ඉරිදා දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන පරිදි අදාළ විභාගය එදින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන අතර නාගදීපය (නයිනතිව්) සහ ඩෙල්ෆ්ට් දූපත් ඇතුළු දිවයින පුරා මධ්‍යස්ථාන 1176කදී පැවැත්වේ.

    විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 236කි. මේ සඳහා සිසුන් 149,784 දෙනෙකු අයදුම්කර ඇති අතර සිංහල මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව 110,257ක් වේ. දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 27,391ක් ද ඉංග්‍රීසි මාධ්‍ය අයදුම්කරුවන් 12,136ක් ද විභාගයට අයදුම් කර ඇත.

    මෙම විභාගයේ සියලු ම ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පසුගිය 07 වන දින තැපැල් මඟින් යවා ඇත. එම  ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසලක් හෝ අයදුම්කරුවෙක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන ශාඛාවේ 0112 784 208 හෝ 0112 784 537 යන දූරකතන අංක වෙත නොපමාව දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටී. 

    NDH

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya