මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් විරුවන්ට සෙත්පතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දානමය පිංකමක්

    ඔක්තෝබර් 24, 2014


    ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වනු ලබන බෞද්ධ ආගමික පූජෝත්සවය පසුගිය (22) හා ඊයේ (23) දෙදින පැවැත්විණි.


    ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා ගිලන්පස හා බුද්ධ පූජාව පසුගිය (22) වන දින සවස් භාගයේ පැවැත් වූ අතර, 63 නමක් විෂයයෙහි සපිරිකර සංඝගත දානමය වාර්ෂික පුණ්‍යකර්මය ඊයේ සිදු කරන ලදී.


    යුද්ධයේ දී මියගිය හා අබාධිත තත්ත්වයට පත් ගුවන් විරුවන්ට  මෙන්ම  ගුවන් හමුදාපති ඇතුළු දැනට සකි‍්‍රය සේවයේ යෙදී සිටින සියලු ම ගුවන් හමුදා සාමාඡික සාමාඡිකාවන්ට සෙත්පතා ඵෙතිහාසික සෙංකඩගල පුරවරයේ පූජනීය දළඳා මැදුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලකගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කරන ලදී.



    මෙම පුණ්‍යමය අවස්ථාව ගුවන් හමුදා සුබසාධක අධ්‍යක්ෂක කාර්යාලය මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලැබූ අතර, ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂාණී ගුණතිලක, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් මෙන් ම මියගිය ගුවන් විරුවන්ගේ ඥාතීන් ද ආබාධිත තත්ත්වයට පත් වු ගුවන් විරුවන් හා ගුවන් හමුදා නිලධාරින් ඇතුළු සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya