අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ දිනය අදයි

    ඔක්තෝබර් 24, 2014

    එක්සත් ජාතීන්ගේ දිනය අද (24)යි. 1945 ඔක්තෝබර් 24දා නිල වශයෙන් ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද එහි 69 වැනි සංවත්සරය සමරයි.


    දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, එතෙක් පැවති ජාතීන්ගේ සංගමයේ අසාර්ථකත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංගමය බිහිවූයේ යළිත් රටවල් අතර යුද ගැටුම් ඇතිවීම වළකමින් සාකච්ඡා මඟින් අර්බුද විසඳා ගැන්මේ වේදිකාවක් සපයනු පිණිසය.

    ලෝක සාමයට මගපෑදීමට අමතර ව අන්තර්ජාතික වශයෙන් ආර්ථික, සමාජීය හා මානුෂික අර්බුද විසඳීමට උපකාරී වෙමින් රටවල් අතර සහයෝගීතාව ගොඩනැගීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවන් වේ.

    අද එහි මහ ලේකම් ධූරය උසුලන්නේකොරියාවේ බෑන් කී මූන් මහතාය. ඔහු එම ධූරයට පත්වූයේ 2007දීය. 

    සාමාජික රටවල් ස්වෙච්ඡාවෙන් ම සපයන දායක මුදලින් එහි අරමුදල් සැපයෙන අතර අරාබි, චීන, ඉංගී‍්‍රසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ යන භාෂාවන් හය නිල භාෂා ලෙස සැලකේ.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය මහ සභාව, ආරක්ෂක මණ්ඩලය, මහලේකම් කාර්යාලය, ආර්ථික හා සමාජීය මණ්ඩලය, අන්තර්ජාතික අධිකරණය, ප්‍රමුඛ කොටගත් විෂයානුගත ආයතන ගණනාවකින් සමන්විත ය. මේ සංවිධානයේ සාමාජිකත්වය අතර නිෂේධ බලය හිමි සාමාජිකයන් පස් දෙනකු සිටී. මහා බලවතුන් වන එම පස්දෙනා හා සාමාජිකයන් 15කින් ආරක්ෂක මණ්ඩලය සමන්විත වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya