අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැයට කිරුළට සමගාමී රූපවාහිනී ව්‍යාපාරික කිරුළ - 2015 මාතර දිස්ත‍්‍රික්කය

    ඔක්තෝබර් 23, 2014
    ගාල්ල, මාතර, හම්බන්තොට සහ රත්නපුර දිස්ත‍්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමී ව රූපවාහිනී ව්‍යාපාරික කිරුළ වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. අදාළ දිස්ත‍්‍රික්වල ව්‍යාපාරික ප‍්‍රජාව අතරින් විශිෂ්ටතම ව්‍යවසායකයන් ජාතික මට්ටමට හඳුන්වාදීම හා ඇගයීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
     
    මාතර දිස්ත‍්‍රික්කයට අදාළ මූලික ව්‍යාපාරික වැඩමුළුව පසුගිය දා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    මෙහිදී ව්‍යවසායකත්වය හා ව්‍යවසායකයා, ජාතික ව්‍යවසායකත්වය ගොඩනැගීම, නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ව්‍යවසායකත්වය, මාතර දිස්ත‍්‍රික්කයේ ව්‍යවසායක අවස්ථා, ව්‍යවසායකයා වෙනුවෙන් ජාතික රූපවාහිනිය, ව්‍යාපාරික කිරුළ හා ජාතික රූපවාහිනිය, ව්‍යවසායකත්වයට ලංකා බැංකුව සහ දිවයින සමඟ රටට ම තොරතුරු ආදී මාතෘකා පිළිබඳ ව සාකච්ඡා කරන ලදි. 
     
    මූලික අයදුම්පත් කැඳවීමෙන් පසුව දිස්ත‍්‍රික්කයකින් ව්‍යවසායකයන් 31 දෙනෙකු තෝරාගන්නා අතර ඔවුන් ඇගයීමෙන් දිවි නැගුම ව්‍යවසායක කාන්තා/ පිරිමි, සුළු පරිමාණ ව්‍යවසායක, මධ්‍ය පරිමාණ ව්‍යවසායක, විශාල පරිමාණ ව්‍යවසායක, මහා පරිමාණ ව්‍යවසායක සහ දිස්ත‍්‍රික්කයේ ආවේණික ව්‍යවසායක යන අංශවලින් විශිෂ්ටතම ව්‍යවසායකයන් 28 දෙනෙකු තෝරාගන්නා අතර සෑම අංශයක් වෙනුවෙන් ම දිස්ත‍්‍රික් ව්‍යාපාරික කිරුළ සම්මාන 28ක් හා සෙසු අයට කුසලතා සහතික පිරිනැමීම සිදු කිරීමට නියමිත ය. මෙය දිස්ත‍්‍රික් හතරට ම අදාළ ව සිදු කෙරේ.
     
    මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි.
     
    මෙහි හවුල්කාර ආයතන වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය අපනයන සංවර්ධන මණ්ඩලය වාණිජ හා කර්මාන්ත මණ්ඩල ජාතික සම්මේලනය හා උපාලි පුවත්පත් සමාගම කටයුතු කරති.
     
    මේ අවස්ථාවට මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මිය ප‍්‍රධාන අදාළ ආයතනවල නිලධාරීහු සහ දිස්ත‍්‍රික්කයේ ව්‍යාපාරික ප‍්‍රජාව සහභාගි වූහ.
     
    DB/TI Dmu matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya