මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LTTE තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරනවා

    ඔක්තෝබර් 23, 2014
    යුරෝපා සංගමය විසින් LTTE තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව තුළ LTTE අවිගත් පුද්ගලයන් නොවුණත් බෙදුම්වාදය කරපින්නාගෙන ක්‍රියා කරන්නන් සිටින බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (23) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    මෙලෙස යුරෝපා සංගමය විසින් LTTE තහනම ඉවත්කර ගැනීම හරහා එම පිරිස් ඔවුන්ගේ ශක්තිය වැඩිකර ගැනීමටත් මුදල් එකතු කරගැනීමටත් ක්‍රියාකරනු ඇතැයි ද පෙන්වා දුන් වනිගසූරිය මහතා ආරක්ෂක අංශය ඒ සම්බන්ධයෙන් කල්පනාකාරී ව කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
     
    විදේශ කටයුතු අමාත්‍යංශයේ රටේ ස්ථාවරය යුරෝපා සංගමය වෙත දැනුම් දී ඇත. ලංකාවේ LTTE ක්‍රියාකාරීන් නොවුණද යුරෝපා රටවල එය ක්‍රියාත්මක වන බවත් යුරෝපා සංගමයේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයට කළ හැක්කක් නොවන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya