මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවේ ඉතුරුම් සැලසුමක් රංගන ශිල්පී සාරංග දිසාසේකරට

    සැප්තැම්බර් 27, 2014

    මහජන බැංකුවේ රිලැක්ස් ඉතුරුම් සැලසුමක් එහි සන්නම් තානාපතිවරයා වන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතා වෙත පිරිනැමීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර් මහතා අතින් පසුගියදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණ.


    වයස අවුරුදු 18 සිට 65 දක්වා ඕනෑ ම අයෙකුට මහජන බැංකුවේ රිලැක්ස් ගිණුමක් ආරම්භ කළ හැකි අතර, අවුරුදු 50, 55, 60 සහ 65 යන ඕනෑම වයසකදී සිතැඟි පරිදි විශ්‍රාම ප්‍රතිලාභ ගැනීමේ හැකියාව සලසා දී ඇත. ඉහළ පොලියක් මෙන් ම තවත් ප්‍රතිලාභ රැසක් ලබාදෙන පීපල්ස් රිලැක්ස් ගිණුමක් ආරම්භ කළහොත්, එය අනාගතය ද සුරක්ෂිත වන බව නිසැක යැයි මහජන බැංකුව පවසයි.

    දිවයිනපුරා පිහිටා ඇති මහජන බැංකුවේ 735කට අධික ඕනෑම මහජන බැංකු ශාඛාවකින් පීපල්ස් රිලැක්ස් ගිණුමක් ආරම්භ කිරීමටත්, මුදල් තැන්පත් කිරීමටත් මෙහිදී හැකි වේ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya