අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌවේ ආසන 34න් 20ක් සන්ධානයට

    සැප්තැම්බර් 21, 2014
    ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 34න් 20ක් ලබාගනිමින් ජයග්‍රහණය කර තිබෙන බවත් ඒ අනුව ස්ථාවර පරිපාලනයක් ඌව පළාත් සභාව වෙත එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා ලබාදීමට කටයුතු කරන බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (21) උදෑසන පැවසීය. 
     
    විපක්ෂයේ පදනම් විරහිත චෝදනා හමු වේ වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානය පිළිබඳ ව විශ්වාසය තබමින් ඡන්දය ලබාදී ජයග්‍රහණය ලබාදීම සම්බන්ධයෙන් ඌව පළාතේ බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් ජනතාවට ස්තූති වන්ත වන බවද පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඉදිරියේ දී ඌව පළාතේ සංවර්ධන කටයුතු වඩාත් ශක්තිමත් ලෙස ජනතාව ලබාදීමටත් ඒ යටතේ ජනජීවිතය වර්ණවත් කිරීමටත් බලාපොරොත්තු වෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    පසුගිය ඌව පළාත් සභා පාලනය යටතේ අඩුපාඩු සිදු වූවා නම් එම වැරදි නිවැරදි කරගනිමින් ජනතාවට වඩා ලෙංගතු සේවයක් ලබාදීමට මෙම මැතිවරණ ප්‍රතිඵල හරහා පත්වෙන පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රමුඛ පළා සභා මන්ත්‍රීවරුන් කැපවෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya