අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟ පවතින ප්‍රදේශවලට ඉදිරි දිනවල වැසි Featured

    සැප්තැම්බර් 21, 2014

    දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින නමුත් ඉදිරි දින කිහිපයේදී නියඟ පවතින ප්‍රදේශවලට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර තත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (21) දිවයිනේ විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැ. කි. මී. 50-60 දක්වා තරමක තද සුළං ඇති විය  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩක් ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    යාපනයට අනුරාධපුරයට ත්‍රිකුණාමලයට මඩකළපුවට හා මන්නාරමට හා ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C අනුරාධපුරය සහ ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.0°C පොලොන්නරුව සහ පොතුවිල් ප්‍රදේශවලින් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.4°C නුවරඑළියෙන් ද මි.මී. 19.0ක උපරිම වර්ෂාපතනය රත්නපුර කුඩාවේ ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya