අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දිනවල වැසි අඩුවන කාලගුණ තත්ත්වයක් Featured

    සැප්තැම්බර් 17, 2014

    ඉදිරි දින කිහිපයේ දිවයින ආශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද (17) දිවයිනේ විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැ. කි. මී. 50-60 දක්වා තරමක තද සුළං ඇති විය  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    යාපනයට අනුරාධපුරයට ත්‍රිකුණාමලයට මඩකළපුවට හා මන්නාරමට හා ප්‍රධාන වශයෙන් වැසි නොමැත.  


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 11.5ක් වර්ෂාපතනයක් ගාල්ලෙන් ද මි.මී. 14.4ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද‍  මි.මී. 9.5ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද‍  වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.°C අනුරාධපුරය, මඩකළපුව සහ ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya