අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික ප්‍රත්‍යස්ථිතිය පිළිබඳ වැඩමුළුවක් ආරක්ෂක ලේකම් ප්‍රධානත්වයෙන් Featured

    සැප්තැම්බර් 16, 2014

    නාගරික ප්‍රත්‍යස්ථිතිය පිළබඳ වැඩමුළුවක් අද (16) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

    එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස සංවර්ධන වැඩසටහන හා නාගරික සංවර්ධන අධිකාරිය එක්ව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.

     

    වැඩමුළුවේ ආරම්භක ප්‍රකාශය, ආසියා ෆැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ හැබිටැට් ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ මානව ජනාවාස සංවර්ධන නිලධාරී ශ්‍රීනිවාස පොපුරි මහතා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.

     

    මෙම වැඩමුළුව ආරම්භයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය විලී මෙන්ඩිස් මහතා “නාගරික ප්‍රත්‍යස්ථිතිය- යථාර්ථයට සංකල්පය“ මැයෙන් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

     

    ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වත්මන් නාගරික සංවර්ධනය හා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව සභාව ඇමතීය.

     

    ලෝක බැංකුවේ විපත් අවදානම් කළමනාකරණ විශේෂඥ සුරංග කහඳව මහතා, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නාගරික සංවර්ධන සැලසුම් ඒකකයේ සම-අධ්‍යක්ෂක හා කථිකාචාර්යය ආචාර්ය බාර්බරා කයිපෙයිට්ස් මහත්මිය ඇතුළු ජාත්‍යන්තර කථිකයින් පිරිසක් මෙම වැඩමුළුව මෙහෙයවති.

     

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා, එක්සත් ජාතීන්ගේ හැබිටැට් ජාතික ව්‍යාපෘති කළමනාකාරිණී ඉන්දු වීරසූරිටට ඇතුළු නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීහූ පිරිසක් මීට සහභාගී වෙති.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya