අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනපති දිවයිනට සැපත් වෙයි

    සැප්තැම්බර් 16, 2014


    ශ්‍රී ලංකා - චීන සබඳතාවන් හි නව පිටුවක් පෙරළමින් චීන මහජන සමූහාණ්ඩුවේ ජනපති ශී ජින්පින් මැතිතුමා  සහ ආර්යා පෙං ලියුආන් මැතිනිය කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට සැපත්වූහ. 


    අද පෙ.ව. 11.45ට පමණ B 2472 එයාර් චයිනා ගුවන් යානයෙන් ගුවන්තොටුපොළ වෙත ජනාධිපති ෂී ජින්පින් (Xi Jinpin) මැතිතුමා ඇතුළු එරට රාජ්‍ය දූත පිරිස ළඟා විණි.

    වසර 28කට පසු මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ බලගතු ම රාජ්‍ය නායකයා වන්නේ ද ශී ජින්පින් මැතිතුමාය. 

    එතුමාව ගුවන් තොටුපොළේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසිනි. 

    ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ජනාධිපතිතුමන් පිළිගැනීම සඳහා විවිධ සංස්කෘතික අංග රැසක් පවත්වන ලද අතර, චීන ජනාධිපතිතුමන් පැමිණි මාර්ගය දෙපස පාසල් සිසුන් ශ්‍රී ලංකා සහ චීන ජාතික ධජ අතින් ගෙන ඔවුනට ආචාර කරනු ලැබීය. මෙම උත්සවය වර්ණවත් කිරීම වෙනුවෙන් විසිතුරු ලෙස සරසන ලද අලි ඇතුන් 40ක ගෙන් සමන්විත පෙළ දැක්මක්ද එහි දක්නට ලැබුණි. 

    ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ දී සමරු සටහන් ස්වර්ණ පුස්තකයෙහි ජනාධිපති ශී ජින්පින් මැතිතුමා සටහනක් තබමින් සිය අත්සන තැබීමෙන් අනතුරු ව චීන රාජ්‍ය දූත පිරිස එහි සිට කොළඹ බලා ගමන් ඇරඹූහ. 

    මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, බස්නාහිරි පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වී සිටියහ.

    ECB/RU_cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya