අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - චීන සංචාරක කර්මාන්තය

    සැප්තැම්බර් 16, 2014

    ශ‍්‍රී ලංකාවේ ඉලක්කයක් වන 2016 වසරේදී සංචාරකයන් මිලියන 2.5ක් ආකර්ෂණය කරගැනීමේ ක‍්‍රියාවලියේ දී ලෝකයේ විශාලත ම සංචාරකයන් උපදවන රට ලෙස චීනය ප‍්‍රධාන ස්ථානයක් ගනී. 


    පසුගිය වසරේ පමණක් මිලියන 83කට වඩා වැඩි චීන ජාතිකයන් සංඛ්‍යාවක් සංචාරකයන් ලෙස වෙනත් රටවලට ගමන් කර ඇති බව වාර්තා වේ. චීනය ප‍්‍රධාන සංචාරක ප‍්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස හඳුනාගෙන ඇති අතර 2015 වසරේදී 

     

    චීන සංචාරකයන් 100,000ක් සහ 2016 වසරේ දී චීන සංචාරකයන් 275,000ක් දිවයින වෙත ආකර්ෂණය කරගැනීමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි.

     

    මේ වසරේ මේ වන විටත් මිලියනයකට වඩා සමස්ත සංචාරකයන් ප‍්‍රමාණයක් පැමිණි බව වාර්තා වී ඇති අතර චීන සංචාරකයන් ප‍්‍රමාණය පසුගිය වසරවලට වඩා ප‍්‍රබල ලෙස වැඩිවෙමින්, 2005 වසරේදී 9,668ක් වූ චීන සංචාරකයන් ප‍්‍රමාණය, 2013 වසරේ දී 54,288ක් වශයෙන් වැඩි වී ඇත. මෙම සංඛ්‍යාවන් විශේෂයෙන් වැඩි වන්නට වූයේ 2009 වසරේදී යුදමය තත්ත්වය නිමාවීමත් සමඟයි. පැමිණෙන චීන සංචාරකයන්ගේ නැඹුරුව දිගින් දිගට ම ධනාත්මකව පවතී. මෙම වසරේ හා පසුගිය වසරේ මුල් සිව්මස බැලීමේදී චීන ජාතිකයන්ගේ පැමිණීම මෙරටට සියයට 139කින් ඉහළ ගොස් ඇති බව සනාථ වේ. 


    2014 මැයි වන විට දිවයිනට පැමිණ ඇති සංචාරකයන්ගේ සිව්වන විශාලතම මූලාශ‍්‍රය චීනය වේ. 2016 වසරේදී සංචාරකයන් මිලියන 2.5ක් මෙරටට ආකර්ෂණය කරගැනීම අරමුණුකොට එළඹෙන වසරවලදී චීන සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු වෙයි.

     

    මුලාශ‍්‍රය: විදේශ කටයුතු අමාත්‍යංශය 

    NDH/NP_IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya