මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන - ශ්‍රී ලංකා සබඳතා නව අවදියකට - ශ්‍රී ලංකාවේ චීන තානාපති Featured

    සැප්තැම්බර් 15, 2014

    චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය චීන-ශ්‍රී ලංකා සබැඳියාවේ නව සැතපුම් කණුවක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියෑන්හාඕ මහතා (Wu Jianghao) පවසයි.

    වසර 28කට පසුව චීන ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය බවත් ෂී මැතිතුමාගේ මෙම සංචාරය දෙරට අතර අනාගත ද්විපාර්ශ්වීය සබඳතා සඳහා නිශ්චිත සැලැස්මක් වනු ඇති බවත් වූ මහතා සින්හුආ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

     

    පසුගිය වසරේ මාර්තු මස ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ චීන සංචාර‍ය අතරතුර පිහිටුවනු ලැබූ  ක්‍රමෝපාය සහයෝගිතා හවුලේ ද්විපාර්ශ්වීය බැඳීම මින් ඉහළ නැංවෙන බව වූ මහතා පවසා ඇත.

     

    විශාල සහයෝගීතා ව්‍යාපෘති රැසක් තුළින් පසුගිය දශක කිහිපය පුරා දෙරට අතර ඓතිහාසික මිත්‍රත්වයක් ගොඩ නැගී ඇති බවද ඔහු පැහැදිලි කළේය.

     

    ලෝක දේශපාලන කරළියේ දෙරට අතර විශාල අන්‍යෝන්‍ය විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර එහිදී ජාතීන් දෙක ම එකිනෙකා වෙනුවෙන් ඔවුනොවුන් පසුපසින් සිටින බවද ඒ මහතා අවධාරණය කරයි.

     

    ශ්‍රී ලංකාවේ දශක 3ක වාර්ගික ගැටුම් අවසානයේ සිට (2009)  චීන ව්‍යවසායකයන් ශ්‍රී ලංකාවේ වෙළඳ, ආයෝජන, යටිතල පහසුකම් සහ සංචාරක කර්මාන්තය නංවාලීමට බලවත් සේ සම්බන්ධ වී සිටින අතර එහි සාර්ථක ප්‍රතිඵල ද මේ වන අත්පත් කරගනිමින් සිටින බව වූ මහතා පැවසීය.

     

    ෂී මැතිතුමාගේ ලක් සංචාරයත් සමඟ සීනෝ - ශ්‍රී ලංකා සබැඳියාව වැඩි වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව චීන තානාපතිවරයා පැවසීය.

     

    තවද මෙම සංචාරයේදී දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

     

    මෙම නිදහද් වෙළඳ ගිවිසුම මඟින් ආයෝජන ප්‍රවර්ධන අවස්ථා හා ප්‍රජාව අතර හුවමාරුව වැඩි වර්ධනය වනු ඇතැයි අනාවැකි ප්‍රකාශ කළ හැකි බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

     

    ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉවහල් වන 21වැනි සාමුද්‍රීය සේද මාර්ගයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සැලැස්මක් මේ වන විට චීනය සැලසුම් කර ඇති බව ඔහු හෙළි කළේය.

     

    සේද මාවතට මුලපිරීම සඳහා සහයෝගීතාව ප්‍රකාශ කරන පළමු දූපත් රාජ්‍යය ශ්‍රී ලංකාවයි. දෙපාර්ශවයට ම සැලකිය යුතු ප්‍රතිලාභ ලබාගැනීම සඳහා මෙම වැඩසටහනේ මූලික සැලැස්ම අනුව මේ වනවිට කටයුතු කරමින් සිටින බව තානාපතිවරයා සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya