අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නවීන ජෛව තාක්ෂණය ද මිනිසාට හා පරිසර පද්ධතීන්ට තර්ජනයක් විය හැකියි"

    සැප්තැම්බර් 15, 2014

    නිසි ලෙස පාලනය නොකළහොත් දේශගුණික විපර්යාස මෙන් නවීන ජෛව තාක්ෂණය ද මිනිසාට හා ස්වභාවික පරිසර පද්ධතීන්ට තර්ජනයක් විය හැකි බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පවසයි.

    පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය මඟින්  පවත්වනු ලැබූ දෙවන දකුණු ආසියාතික ජෛව සුරක්ෂිතා වාර්ෂික සමුළුව අද (15) කොළඔ ටාජ් සමුද්‍රා හෝටලයේ දී  පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, “ලෝකයේ රටවල පරිසර පද්ධතීන් සේම ජනතාව හා ඔවුන්ගේ ජීවන පැවැත්ම දේශගුණික විපර්යාස නිසා ඇති වන ස්වභාවික විපත් නිසා තර්ජනයට ලක් වී තිබෙනවා. අක්‍රමවත් සංවර්ධනය හා අනෙකුත් ගෝලීය ප්‍රශ්න ඒ සඳහා හේතු වී තිබෙනවා.


    ජෛව තාක්ෂණය දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා. නවීන ජෛව තාක්ෂණය  මිනිසා ඇතුළු අනෙකුත් ජීවී ප්‍රභේදවල ජාන සැකැස්ම වෙනස් කිරීමට හේතු වේවිද? එම නිසා ජෛව තාක්ෂණය සුරක්ෂිතව යොදා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙමින් පවතිනවා. ජෛව සුරක්ෂිතාව  පිළිබඳව කතා කිරීමේ දී ජෛව තාක්ෂණ නිෂ්පාදන සමඟ ගනුදෙනු කරන්නේ කෙසේ ද කියා දැන ගැනීම ඉතා ම වැදගත් වෙනවා. නවීන ජෛව තාක්ෂණයෙන් නිපදවන ලද නිෂ්පාදන ජීවීන්ගේ සහ ශාකවල ජාන සැකැස්ම වෙනස් කරමින් නිපදවන  ලද ඒවා වෙනවා. එම ජීවීන් හා ශාක අපගේ ස්වභාවික පරිසර පද්ධතිය තුළ පැතිරයාමට හා වර්ධනය වීමට ඉඩ තිබෙනවා. එය මිනිසාගේ සෞඛ්‍යයට මෙන් ම ස්වභාවික පරිසර පද්ධතීන්ට ද තර්ජනයක් විය හැකියි. එමනිසා ජෛව තාක්ෂණය විශාල වශයෙන් යොදා ගන්නා රටවල් ඒවා පරිසරයට මුදාහැරීමට ප්‍රථම ඒවායින් ස්වභාවික පරිසරයට විය හැකි හානිය තක්සේරු කරගත යුතුයි. අපගේ අසල්වැසි රටවල් වන ඉන්දියාව හා පාකිස්ථානය විශාල වශයෙන් ජෛව තාක්ෂණය යොදාගන්නා රටවල් දෙකක් වෙනවා.


    ලෝකයේ ජෛව විවිධත්වය වැඩි ම රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තියෙනවා. නමුත් ජෛව තාක්ෂණ යුගය අපට ප්‍රතික්ෂේප කළ නොහැකියි. ඒ නිසා ජෛව සුරක්ෂිතාව ඇති කර ගැනීමේ හැකියාව අපි ලබාගත යුතු වෙනවා. ඒ සඳහා මෙම සමුළුව උපකාරීවේ යැයි මම හිතනවා.”


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya