අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් වෛද්‍ය අංශයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

    සැප්තැම්බර් 15, 2014


    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය 35වන සංවත්සරයට සමගාමීව “ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගනිමු” යන තේමාව පදනම් කර ගනිමින් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කටුනායක වෛද්‍ය මධ්‍යස්ථානයේදී පසුගියදා සංවිධානය කරන ලදී.


    ගුවන් සේවා වෛද්‍ය අංශය විසින් සංවිධානය කරන ලද මෙම රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා කාර්ය මණ්ඩලයේ සියයකට අධික පිරිසක් සහභාගී වූහ.



    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනෝමි ජයසිංහ මහත්මිය සඳහන් කළේ තිස් පස් වන වරට මෙම ‍වැඩසටහන සංවිධානය කළ බවත්, ඒ සඳහා සම්බන්ධ වන රුධිර දායකයින්ගේ ප්‍රමාණය වසරින් වසර ඉහළ යන බවත් ය. එසේ ම මෙම අවස්ථාවට පැමිණි  සියලු ම දෙනාටත්, රුධිරය පරිත්‍යාග කිරීමට දායක වූ ගුවන් සමාගමේ පවුලේ සාමාජිකයන්ටත් ස්තූතිවන්ත වන බවද ඇය පැවසීය. එසේ ම අනාගතයේදීත් මේ ආකාරයට ම සුභසාධන වැඩ කටයුතුවලට සහයෝග ලබාදීමට ගුවන් සමාගමේ පවුලේ සාමාජිකයන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.


    මෙම සංවත්සර සැමරුමට සමගාමී ව ශ්‍රීලංකන් ගුවන් සමාගම ආගමික හා ශාසනික  වැඩසටහන් පවත්වමින් ගුවන් සමාගමේ නිලධාරීන්ට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීමේ පිංකමක්ද සංවිධානය කරන ලදී.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya