අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර ළමා සමාජ වැඩසටහන ශක්තිමත් කිරීමට පියවර

    සැප්තැම්බර් 15, 2014

    පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරෙන පරිසර ළමා සමාජ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් පරිසර ළමා සමාජ භාර ව කටයුතු කරන ගුරුවරු දීප ව්‍යාප්ත මට්ටමින් දැනුවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 


    එම වැඩපිළිවෙළ යටතේ බස්නාහිර පළාත් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම ආයතන පරිශ්‍රයේ පැවැත්විණ. 

    මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ස්වභාවික සම්පත් සියල්ල දැඩි ලෙස විනාශයට පත්වන තත්ත්වයකට පත් ව තිබෙන බැවින්, තිබෙන සම්පත් තිරසාර ලෙස භාවිත කිරීමත්, පරිසරය ජීවිතයේ කොටසක් බවට පත් කිරීමත්, ඒ සඳහා දරුවන් යොමු කිරීමට කටයුතු කිරීමත් කාලීන අවශ්‍යතාවක් වන බවයි. දරුවන් දෙමාපිය අදහස් සමඟ පාසලට පැමිණියද දරුවා නිවසට යනුයේ ගුරුවරුන්ගේ අදහස්, ආකල්ප, ක්‍රියාකලාප සමඟ බැවින් පරිසර සංරක්ෂණය පිළිබඳ ව ගුරුවරුන් ලබාදෙන දැනුම සහ ආකල්ප ඔවුන්ගේ ජීවිතයට ම අදාළ කර ගැනීමට දරුවන් යොමු වන නිසා මේ උදෙසා ගුරුවරුන් ගේ දායකත්වය ඉතා වැදගත් වන බවයි.


    පාසලේ ප්‍රාථමික අංශයෙහි අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් 1999 වර්ෂයේ ආරම්භ කරන  ලද පරිසර ළමා සමාජ වැඩසටහන තුළින් ප්‍රාථමික අංශයේ සිසු දරුදැරියන් තුළ යහපත් ආකල්ප වර්ධනය කිරීමත්, පරිසරයට ඉතා සංවේදී පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ ව අවබෝධයකින් හෙබි දරුවකු බිහි කිරීමේ කාලීන අවශ්‍යතාවත් මෙම පරිසර ළමා සමාජ මගින් අපේක්ෂා කෙරේ.


    මෙම දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පිළියන්දල, හෝමාගම යන අධ්‍යාපන කලාපවල පාසල් 25ක ගුරුවරු 40ක් පමණ සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya