අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ දකුණු ආසියානු සම්මන්ත්‍රණය කොළඹදී

    සැප්තැම්බර් 15, 2014

    ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිෂන් සභාවේ ආසියානු හා ශාන්තිකරය සඳහා වු ප්‍රාදේශීය ශාඛාවේ දකුණු ආසියානු සම්මන්ත්‍රණය මේ මස 18 සහ 19 යන දිනවල කොළඹ දී පැවැත්වේ.
     
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව මෙය සංවිධානය කරනු ලබයි.

    ඉන්දියාව, චීනය, ජපානය, ඉරානය, මාල දිවයින්, නේපාලය සිංගප්පුරුව, ඔස්ට්‍රේලියාව, වියට්නාමය ඇතුළු රටවල් නියෝජනය කරමින් නි‍යෝජිතයින් මේ සඳහා සහභාගි වේ.
    අග විනිසුරු මොහාන් පීරිස් මහතා මෙම දෙදින සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වනු ඇත.

    ආසියානු ශාන්තිකරය සඳහා වු ශාඛාවේ ප්‍රධානී ජෙවාවෝ රිබේරියෝ මහතා විසින් මෙහිදී වෙළෙඳ නීතිය සහ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිළිබඳ විශේෂ දේශනයක්  සිදුකරනු ලබයි.

    දශක දෙකකට අධික කාලයකට පසු ශ්‍රී ලංකාවේදී මෙම සමුඵව පවත්වන්නේ ප්‍රථම වරට වීම විශේෂත්වයකි.

    මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතියට අනුගත වීමට අවශ්‍ය පරිසරය සුදානම් කිරීමට මහඟු පිටුබලයක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 

    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya