මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාල දිවයින් මුහුදේ ශ්‍රී ලංකා ධීවරයින්ට ඉඩක් - විදේශ ඇමති

    සැප්තැම්බර් 11, 2014

    අදාළ කාරණාවන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ධීවරයින්ට මාල දිවයින් ගැඹුරු මුහුදු මාර්ගය තුළින් යාම් ඊම් සඳහා යොදා ගැනීමේ අයිතිය ලබා ගැනීම, විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් මාල දිවයින් සමඟ හවුල් කොමිසමක් මත ආරම්භ කිරීම ඊයේ (10) විදේශ කටයුතු අමාත්‍යංශයේදී සිදු කෙරිණ.


    ‘නිල් සයුර‘ සංකල්පය යටතේ මුහුදු සම්පත් සූරාකෑම් මනාව කළමනාකරණය කරමින් දෙරටේ ප්‍රජාවට උපරිම ප්‍රතිලාභ ලබා ගත හැකි ලෙස දෙරට අතර ප්‍රායෝගික ක්‍රමෝපායන් ඇරඹීමට මෙම සාකච්ඡාව යොමු කෙරිණ.

     

    දකුණු-දකුණු සහයෝගීතාව විශේෂයෙන් අගයක් එක් කිරීමේ අරමුණින් මාළු ටින් කිරීම, මාළු කැබලි කිරීම සහ අනෙකුත් මුහුදු ආහාර නිෂ්පාදන සකසා අපනයනය කිරීම තුළින් ආර්ථික ප්‍රතිලාභ ලැබීම පිළිබඳ යෝජනා මෙහිදී සලකා බලන ලදී.

     

    නාවික කටයුතු, ආපදා කළමනාකරණය සහ සාගර විද්‍යා ක්ෂේත්‍ර ගවේෂණ වැනි කරුණු දෙරටේ දූත පිරිස් අතර වැඩි අවධානයකට ලක් විය.

     

    සාගර ආරක්ෂාව සම්බන්ධ ඉන්දු-ශ්‍රී ලංකා-මාල දිවයින් ත්‍රිපාර්ශවීය ජාතික ආරක්ෂක උපදේශන මට්ටමේ හවුලේ කටයුතු පිළිබඳව කරුණුද මෙහිදී සමාලෝචනය කරන ලදී.

     

    ඔස්ට්‍රේලියාව මුලසුන හොබවන ඉන්දියන් සාගර නිම්වළලු සංවිධානයේ (Indian Ocean Rim Association) සාකච්ඡා ඇරඹීමට ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳව මහාචාර්ය පීරිස් මහතා විසින් මාල දිවයින් විදේශ ඇමතිනියට කරුණු අවධාරණය කරන ලදී.


    පසුගිය සාක් (SAARC) සමුළු සමාරම්භයේදී මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් මැතිතුමන් සියලු ම සාමාජික රටවල් සතර දිශාවෙන් පැමිණෙන බාහිර අසාධාරණ සැලකුම්වලට එරෙහි ව ඔවුන්ගේ සාමුහික හඬ නැංවීමට සිදු කරන ලද නිරීක්ෂණ ක්‍රියාවලිය මහාචාර්ය පීරිස් මහතා අගය කරනු ලැබීය.

     

    ආර්ථික සහයෝගීතාව, සංචාරක කර්මාන්තය, යෞවන හා නිපුණතා සංවර්ධනය, රැකියා අවස්ථා, සෞඛ්‍ය හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව, රාජ්‍ය දූත හා ප්‍රජාව සම්බන්ධ කරැණු මෙහිදී සාකච්ඡා කරන ලදී.

     

    දේශපාලනික සබඳතා පිළිබඳව තමන් තෘප්තිමත් බවත් ඉදිරියේදී ආර්ථික සහයෝගීතාව වැඩි වර්ධනය කිරීමට සැලසුම් කරන බවත් මාල දිවයින් දූත පිරිස ප්‍රකාශ කළහ.

     

    SDF

    GL Maldivine MEAMaldivine Delegation SL

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya