මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සැකසීම ගැන විශේෂ සාකච්ඡාවක්

    සැප්තැම්බර් 11, 2014

    සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය (The National Policy on Health Information) සැකසීම පිළිබඳව මූලික වටයේ විශේෂ සාකච්ඡාවක් අද (11)  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට වෛද්‍ය පර්යේෂණ ආයතන ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සැකසීම පිළිබඳ ව මූලික වටයේ සාකච්ඡා කිහිපයක් මීට ප‍්‍රථම ද පවත්වා ඇත. මෙම මූලික වටයේ සාකච්ඡාවේ දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ එක් එක් අංශ පිළිබඳ ව වෙන වෙන ම කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා ආරම්භ විය. මෙහිදී සාකච්ඡා වූ කරුණු විශ්ලේෂණය කිරීමෙන් අනතුරු ව ඉදිරි මාස කිහිපය ඇතුළත දී ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය එළිදැක්වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මෙහිදී පැවැසීය.

     

    මෙම අවස්ථාවට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරු, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු සහ අධ්‍යක්ෂවරු සහභාගි වී සිටියහ. 


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya