මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථාන

    සැප්තැම්බර් 11, 2014

    දරුවන්ගේ ආරක්ෂාව, රැකවරණය සහතිකවන අයුරින් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය පියවර ගනී.


    ළමා අපයෝජන වළක්වමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ආදර්ශ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලෙස මෙම මධ්‍යස්ථාන හඳුන්වාදීමෙන් අනෙක් දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නන්ට මාර්ගෝපදේශයක් සැපයීම සහ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා සිය වෘත්තීය කටයුතු සිදු කර ගැනීමට අපහසු දෙමාපියන්ට සහනයක් සැලසීම අරමුණු කර ගෙන මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
    මේ අනුව ප්‍රථම අදියර යටතේ රුපියල් මිලියන 76ක වියදමින් දිස්ත්‍රික්ක 6ක දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කෙරේ.
     
    කිලිනොච්චිය, මඩකළපුව, පොලොන්නරුව, නුවරඑළිය, මොනරාගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කෙරෙන අතර මේ වසර  නිමවීමට පෙර අදාළ ඉදි කිරීම් නිම කිරීමට නියමිතය.


    ළමා අපයෝජන හා කාන්තා හිංසන වැළැක්වීම  සඳහා අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙත මේ වසරේ දී ලබා දී ඇති රුපියල් මිලියන 700ක විශේෂ ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන ළමා ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කෙරේ.
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya