මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාගම් රුහුණුපුර වරාය 2014දී වාහන මෙහෙයුම් 100,000 ඉක්මවයි

    සැප්තැම්බර් 11, 2014


    මාගම් රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ වරාය 2014 ජනවාරි සිට වාහන මෙහෙයුම් 100,000 ඉක්මවමින් මේ වන විට කලාපයේ කාර්යක්ෂම හා කි‍්‍රයාකාරී වරායක් බවට පත් වී ඇත.

    2012 වර්ෂයේ ජුනි මස ආරම්භ කළ වාහන මෙහෙයුම් සඳහා එම වර්ෂයේ දෙසැම්බර් දක්වා නෞකා 31ක් පැමිණි අතර, එය 2013 වර්ෂයේ දී ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා 137කි. එසේ වූවද 2014 වර්ෂයේ සැප්තැම්බර් මස වන විට නෞකා 161ක් මෙහෙයවීමට හැකියාව ලැබී ඇත. සමස්තයක් වශයෙන් ආරම්භයේ සිට අද දක්වා මාගම් රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ වරාය වෙත පැමිණි මුළු නෞකා ප‍්‍රමාණය 329කි.


     
    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංකල්පය මත ඉදිවුණු මෙම වරාය අවුරුදු 03ක් වැනි කෙටි කාලයක් තුළදී වාහන ආනයන/අපනයන/ප‍්‍රතිඅපනයන ක්‍ෂේත්‍රවලින් ද, බංකරින් සේවා පවත්වාගෙන යාම තුළින් ද, සාම්ප‍්‍රදායික නැව් බඩු මෙහෙයුම් තුළින් ද විශාල ප‍්‍රගතියක් ලබා ඇති අතර මේ වන විට ඉතා ලාභදායි මට්ටමක පසුවෙයි.



    2012 වර්ෂයේ ආරම්භ වූ වාහන ප‍්‍රතිඅපනයනය මේ වන විට ලාභදායි ව්‍යාපාරයක් ලෙසට පත්ව ඇති  අතර ම, වාහන කර්මාන්තයේ, නිෂ්පාදකයින්, අලෙවිකරුවන් ද මධ්‍යස්ථානයක් ලෙස මෙම වරාය පරිශ‍්‍රය යොදා ගැනීමට ඉතා ඉහළ කැමැත්තක් පළ කොට ඇති අතර, එහි ශීඝ‍්‍ර වර්ධනයක් මේ වන විට අත්කර ගෙන තිබේ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya