මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේවා වනිතා ඒකකයෙන් තවත් ආබාධිත රණ විරුවෙකුට නිවසක්

    සැප්තැම්බර් 11, 2014
    දසක තුනක් පුරාවට අප රටේ පැවති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා අනුපමේය දායකත්වයක් සපයා ආබාධිත තත්වයට පත් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් රණ විරුවෙකු සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විසින් නව නිවසක් ඊයේ (10) පරිත්‍යාග කරනු ලැබීය.
     
    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන අයෝමා රාජපක්ෂ මහත්මිය විසින් කළුතර, මින්නේරිතැන්නහි ඉදිකරන ලද මෙම නව නිව‍ස ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්.පී. අර්ජුන වෙත භාරදෙනු‍‍ ලැබීය.
     
    මේ වන විට දෙදරු පියෙකු වන අර්ජුන 2007 පෙබරවාරි මස 07 වන දින එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ අරමුණින් 8 වන ගජබා රෙජිමේන්තුවට බැඳුණ අතර 2009 වර්ෂයේ මාර්තු මස 23 දින පුතුකුඩිඉරිප්පුහිදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව ආබාධිත තත්වයට පත්වූ රණ විරුවෙකි.
     
    මෙම රණ විරුවා වෙත මෙම නව නිවස තනාදීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මුල් වූ අතර දානපතියෙකු වූ පින්සිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම නව නිවස සෑදීම සඳහා මුල්‍ය දායකත්වය සපයනු ලැබ ඇත. ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව විසින් මෙම නිවස තැනීම සඳහා අවශ්‍ය ශ්‍රම හා තාක්ෂණික දායකත්වය සපයන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය වන අතිරේක ලේකම් (පාලන) ඉන්දු රත්නායක මහත්මිය, ගජබා රෙජිමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සරෝජා දවුලගල මහත්මිය, මුල්‍ය පරිත්‍යාගයෙන් දායකවූ පින්සිරි ප්‍රනාන්දු මහතා සහ 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමා ඇතුළු නිලධාරීහු හා ප්‍රදේශවාසීහු පිරිසක් ද සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya