මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ඒවිඒෂන් වොයිස්’ නමින් ගුවන් සේවා ක්ෂේත්‍ර සඟරාවක් Featured

    සැප්තැම්බර් 07, 2014

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගුවන් සේවා කර්මාන්තය ඉතා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතී. නව ගුවන් තොටුපළ, නව ගුවන් යානා මෙන්ම රට අභ්‍යන්තර ගුවන් සේවාවන්ද ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී.


     

    නමුත් මහජනතාව ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ දැනුවත්වීමේ සම්භාවිතාවය ඉතා අඩු බැවින් එම ගැටළුව මගහරවා ගැනීම සඳහා ස්වේච්ඡා මාධ්‍ය කණ්ඩායමක් විසින් පසුගිය 2013 වසරේ ‘ඒවිඒෂන් වොයිස්’ නමින් වෙබ් අඩවියක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා ලද ධනාත්මක ප්‍රතිචාර සමගින් ඒවිඒෂන් වොයිස් නමින් සඟරාවක් ඊයේ (06) එළිදක්වන ලදි.

     
    ඒවිඒෂන් වොයිස් සඟරාව එළිදැක්වීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසල නියෝනය කරමින් එහි ප්‍රධාන කළමනාකාර ප්‍රිමාල් ද සිල්වා සහ කළමනාකාර බුද්ධික හේවාවසම් යන මහත්වරුන්ද, ඇස්පයර් ගුවන් පුහුණු පාසලේ ශ්‍රී ලංකා කළමනාකාර කේට් ලෝව් මහත්මියද, ඉන්ෆොටෙක්ස් ආයතනයේ ප්‍රධාන කළමනාකර මිෂෙල් පින්ටෝ මහත්මියද, සයාකි ආයතනයේ සභාපති ධම්මික වික්‍රමරත්න මහතා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
     

    මෙම අවස්ථාව සඳහා ගුවන් සේවා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ගුවන් සමාගම්, ගුවන් පුහුණු පාසල්, ගුවන් සමාජ වල නිලධාරීන් මෙන්ම පාසල් ගුවන් පියාසර සංගම් නියෝජනය කරමින් ශිෂ්‍යශිෂ්‍යාවෝ රැසක් සහභාගී වූහ.
     

    මෙම සඟරාව සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකම භාවිත කරමින් නිර්මාණය කර ඇත. මෙම සඟරාව මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවා හා සම්බන්ධ සිදුවීම්, ඉතිහාසය, පුහුණු අවස්ථා, රැකියා අවස්ථා, උත්සව වැනි අවස්ථා, විශේෂ ලිපි වැනි තොරතුරු පළ කරනු ලබන අතර සෑම මාස දෙකකටම වරක් නිකුත් කිරීමට නියමිතය.
     

    වර්ණ පිටුවලින් සමන්විත මෙම සඟරාවේ මිල රු. 200/- ක් වන අතර දිවයින පුරා පිහිටි සියලුම සරසවි පොත්හල්වලින් ලබාගත හැක. තවද නුගේගොඩ පිහිටි රුසියානු ප්‍රකාශකයින්ගේ දුයිෂෙන්ගේ පොත්හලෙන්ද ‘ඒවිඒෂන් වොයිස්’ සඟරාව මිලදී ගත හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0711 27 77 69 මගින් සංස්කාරක, චතුර රණවීර හෝ 0766 76 91 11 ඔස්සේ සහාය සංස්කාරක ගයංග විජේසේන අමතා ලබාගත හැකිය.

     

    SDF

    DSC 1185DSC 1201

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya