මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෂින්සො අබෙ මැතිතුමා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණෙති Featured

    සැප්තැම්බර් 07, 2014

    දීර්ඝ කාලීන මිතුදමක නව යුගයක් අරඹමින‍් ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො අබෙ මැතිතුමා සහ ආර්යා අකි අබේ මැතිණිය ඇතුළු ජපන් ව්‍යාපාරික හා දූත පිරිස අද (07) පස්වරු 1.10ට පමණ දිවයිනට පැමිණියේය.


    ගුවන් හමුදා උත්තමාචාර මධ්‍යයේ ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො අබෙ මැතිතුමා සහ ආර්යා ඇතුළු පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටු පොළේදී මහත් හරසරින් පිළිගන්නා ලදී.


    එහිදී අග්‍රාමාත්‍ය ෂින්සො අබෙ මැතිතුමා විසින් විශේෂ අමුත්තන්ගේ සමරු පොතේ අත්සන් තබන ලදී.

     

    ශ්‍රී ලංකා ඉතිහාසයට නොමැකෙන සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා ජපන් අග්‍රාමාත්‍ය ෂින්සො අබෙ මැතිතුමා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි සමරු ඵලකය නිරාවරණය කරන ලැබූහ.


    අනතුරුව ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ෂින්සො අබෙ මැතිතුමා විසින් කටුනායක දෙවන මගී පර්යන්තයේ ආදර්ශ ආකෘතිය නිරීක්ෂණය කරන ලදී.


    ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා, විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, බස්නාහිර ආණ්ඩුකාර අලවි මවුලානා මහතා, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු මැතිඇමතිවරු හා රාජ්‍ය නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    DSC 340701 104DSC 3498DSC 35100302 1050607

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya