මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    අගෝස්තු 24, 2014

    ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවක පුරප්පාඩු පිරවීම සඳහා පවත්වනු ලබන තරග විභාගය - 2013 (2014) විභාග ප්‍රතිඵල පසුගියදා ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


    රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011(II) 2013 (2014)හි ප්‍රතිඵල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතත්, මේ විභාගයේම ප්‍රතිඵල ඌව, මධ්‍යම, උතුරු, නැගෙනහිර, උතුරු මැද, සබරගමුව, බස්නාහිර, වයඹ හා දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම් සභා ලේකම්වරුන් වෙත ද ජනාධිපති ලේකම්, ජනාධිපති කාර්යාලය හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මූලස්ථානය වෙත ද නිකුත් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


    රාජ්‍ය කළමනාකාර සහකාර සේවයේ II වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011(II) 2013 (2014) (බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ II වන පෙළ ජේලර්/ II වන පෙළ සුබසාධක නිලධාරීන් සඳහා වන නුහුරු භාෂා (සිංහල/ දෙමළ) වාචික පරීක්ෂණය - 2011(II) 2013 (2014)හි ප්‍රතිඵල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර මූලස්ථානය වෙත ද නිකුත් කිරීමට පසුගියදා කටයුතු කළ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya