අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - තද වැසි - ධීවර සහ නාවික ප්‍රජාව විමසිල්ලෙන් Featured

    අගෝස්තු 22, 2014

    දිවයින ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ  සහ නිරිතදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.


    අද පස්වරු 1.00ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ද සමහර ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැකි බවයි.


    මුහුදු ප්‍රදේශ:


    කටුනායක සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාව පවතී. ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික  ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya