අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව සමෘද්ධි සංවර්ධන ක්‍රියාකාරීන් දැනුවත් කෙරේ

    අගෝස්තු 23, 2014

    පරිසර සංරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව සමෘද්ධි ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව සමෘද්ධි සංවර්ධන ක්‍රියාකාරීන් 600කගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ බත්තරමුල්ල, අපේ ගම ශ්‍රවණාගාරයේදී ආරම්භ විය. 

    මෙය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදේශකත්වය මත දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. 

    එහිදී කසල කළමනාකරණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇති අතර, නිවස තුළ ඒකරාශී වන කසල සහ ඝන අපද්‍රව්‍ය විධිමත් අයුරින් බැහැර කිරීම සහ ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව ජනතාව යොමු කිරීම අපේක්ෂා කෙරේ. 

    මෙරට සෑම ගමක් ම ආවරණය වන ලෙස බිම් මට්ටමේ ජනතාව සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් කටයුතු කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වැනි කණ්ඩායම් සම්බන්ධ කර ගමින් පරිසර සංරක්ෂණ පණිවිඩය සමාජගත කිරීමට මෙවැනි වැඩසටහන් මගින් සුවිශේෂී දායකත්වයක් ලැබෙනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් පවසයි. 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya