අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘තෙවැනි ඇසින් ලොව දකිමු‘ ඡායාරූප තරගාවලියට අයදුම්පත් භාර ගැනේ

    අගෝස්තු 13, 2014

    මෙවර අගෝස්තු පාසල් නිවාඩු සමය අර්ථවත්ව ගත කරන්නට අවස්ථාවක් ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ‘තෙවැනි ඇසින් ලොව දකිමු‘ සමස්ත ලංකා පාසල් මාධ්‍ය සමාජ ඡායාරූප තරගාවලිය හා ප්‍රදර්ශනය - 2014 සඳහා  අයදුම්පත් භාර ගැනෙන අතර www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර විස්තර හා අයදුම්පත ලබා ගැනීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


    සම්පූර්ණ කරන ලද අයදුම්පත හා ඡායාරූප තැටිය අධ්‍යාපන අධ්‍යක්ෂ, විෂය සමගාමී, මාර්ගෝපදේශ හා සාම අධ්‍යාපන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපියනට සැප්තැම්බර් 15 වැනි දිනට හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය හැකිය.


    ‘මගේ ඇසින් අපේ ලෝකය‘ යන්න මෙහි තේමාව වන අතර ශ්‍රී  ලාංකේය ශිෂ්‍ය ප්‍රජාවගේ සැඟවුණු කුසලතා එළිදැක්වීම හා නිර්මාණශීලි හැකියාවන් ඔප්නැංවීමේ අරමුණු ඇතිව මෙම තරගාවලිය තරග අංශ දෙකකින් පැවැත්වේ.


    සුරංග- 071-8034633 , උපාලි -071-7190326, තමින්ද- 071,8283510 දූරකතන ඔස්සේ ද වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya