මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජල කළමනාකරණ වැඩපිළිවෙළක් නැතැයි යන්න පිළිගත නොහැකියි Featured

    අගෝස්තු 13, 2014
    ජල කළමනාකරණ වැඩපිළිවෙළක් නොමැති බවට සිදුකරන ප්‍රකාශයන් පිළිගත නොහැකි බවත් මේ සියලු දේ දේශපාලන විහිළු සහගත කතා බවත් යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (13) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
     
    "ඊයේ හම්බන්තොටට වර්ෂාව ලැබුණා. මොනරාගලටත් යම් තරමක් වැස්සා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා තිබෙනවා ඉදිරි සති දෙකක පමණ කාලයේ දී එම ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන බව. පසුගිය වර්ෂ 6ක කාලය තුළ අති දැවැන්ත වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණා. දැදුරු ඔය, මොරගහ කන්ද, රඹකැන් ඔය, වෙහෙරගල, කළු ගඟ වැනි ව්‍යාපෘති ඒ අතර වනවා. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ දී වැවක් තියා මාළු ටැංකියක්වත් හදලා නෑ". 
     
    "ලංකාවේ දෛනික විදුලි අවශ්‍යතාව මෙගා වොට් 2000 - 2200ත් අතර ප්‍රමාණයක්. නමුත් මේ වන විට මෙගො වොට් 4000කට වැඩි විදුලි ධාරිතාවක් අප සතු වනවා. මේ තුළින් මෙගා වොට් 1200ක පමණ ප්‍රමාණයක් ලැබෙන්නේ ජල විදුලියෙන්. නමුත් විදුලි කපා හැරීමක් සිදු කර නෑ". 
     
    ඉදිරියේ දී කෙරවලපිටිය දෙවැනි අදියර යටතේ ජාතික විදුලි පද්ධතියට අලුතින් මෙගා වොට් 300ක් එකතු වන බවත් ඒ අනුව අවශ්‍යතාව වඩා වැඩි ධාරිතාවක් සතු වන බවත් ඒ හරහා විදුලි සහනයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා හරහා මෙන් ම රහස් පොලිසිය හරහා ද පරීක්ෂණයක් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya