මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු ජූලියේ ප‍්‍රතිඵලයක් ලෙස වාමාංශික පක්ෂ කැලෑවට තල්ලු කළා Featured

    ජූලි 23, 2014
    කළු ජූලියේ ප‍්‍රතිඵලයක් ලෙස අපේ රටේ වාමාංශික දේශපාලන පක්ෂ කැලෑවට තල්ලු කළ බවත්, මිනිස් හදවත් තුළ එදා ඇතිවූ කළු පැල්ලම් අද වනතෙක් ඉවත් කිරීමට නොහැකි වූ බවත්, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    උතුරේ තරුණයාට බැලට් එක පිළිබඳව තිබූ විශ්වාසය නැතිකර බුලට් එක පිළිබඳ ව විශ්වාසය ඇති කළේ අපකීර්තිමත් ‘‘කළු ජූලිය’’ බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    ‘‘1983 කළු ජූලිය යළිත් එපා, ජාතික සමගියට දෙඅත් ගනිමු.’’ මැයෙන් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ‍්‍රයේ දී පැවති වැඩසටහනට අද (23) සහභාගිවෙමින් ඒ මහතා මෙසේ පැවසීය. 
     
    අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය. මේ රටේ අපකීර්තිමත් කළු ජූලිය සිදුවුණේ, 1983 අද වගේ දවසකයි. අපි අද එකතු වෙලා තිබෙන්නේ මේ රටේ ඉතිහාසයේ සිදුවූ බරපතළම ඛේදවාචකයක් සැමරීම සඳහා නොවෙයි. නමුත් ඒ ගැන කථා කර යම් පණිවුඩයක් සමාජගත කිරීමේ අවශ්‍යතාව තිබෙනවා. 20 වන ශත වර්ෂයේ මේ රටේ සිදු වූ බරපතළම ඛේදවාචකයන් රැසකට මූලාරම්භය වුණේ, මේ කළු ජූලියයි. මෙහිදී සිදුවූ ජන සංහාරය, කොල්ලකෑම් හා දේශපාලන පළිගැනීම් මෙහිදී සිදුවූ බරපතළම කාරණා ලෙස පෙන්වාදිය හැකියි. 
     
    බෙදුම්වාදී ත‍්‍රස්තවාදය වත්මන් රාජ්‍ය නායකයා විසින් අවසන් කර තිබෙන බවත් ඒ වෙනුවට අද වාර්ගික සංහිඳියාව ගොඩනඟා සෑම දරුවෙක්ම තමන්ගේ භාෂාවට අමතරව සහෝදර භාෂාවන් ඉගෙන ගතයුතු බව ප‍්‍රකාශ කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
     
    විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, නුවරඑළිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශ‍්‍රී රංගා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya