අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංහිඳියාව ජාතීන් අතර පමණක් නො ව විවිධ තලයන්හි ඇති විය යුතුයි Featured

    ජූලි 23, 2014
    සමාජ සංහිඳියාව ජාතීන් අතර පවතින සංහිඳියාවට පමණක් සීමා කළ නොහැකි බවත් සමාජ සංහිඳියාව ජාතීන් අතර පමණක් නො ව ප්‍රදේශ, ගම්මුන් සේ ම සමාජයේ විවිධ තලවල ඇති විය යුත්තක් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති "සමාජ සංහිදියාව සඳහා මාධ්‍ය භාවිතය" පිළිබඳව සම්මන්ත්‍රණයට සහභාගිවෙමිනි.
     
    "අපේ රටේ පමණක් නො ව ලෝකයේ අනෙක් රටවලත් සෑම අතින්ම සංහිඳියාව ඇති විය යුතුයි. නොයෙක් ක්ෂේත්‍රවල ඒ ඒ සේවාවන් අතර අතර සංහිඳියාවක් නොමැති නිසා මහජන සේවාව කළ නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා". 
     
    සමාජ සංහිඳියාව සමාජයේ හැම තලයක ම ප්‍රදේශයකම, හැම මට්ටමකම ඇති කළ යුතු බව පෙන්වා දෙන ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා සමාජ සංහිඳියාව නැති කිරීමට කටයුතු කරන පිරිස් සමාජයේ සිටින බවත් පෙන්වා දුන්නේය.
     
    "විශේෂයෙන් ම 2005 වසරෙන් පසුව සමාජ සංහිඳියාව එක්තරා ආකාරයකට ඇති වෙලා තිබුණා. යම් ප්‍රදේශවල 2009 වන තුරු ගැටුම්කාරී තත්ත්වයක් පැවතියත් එය සමාජීය ප්‍රශ්නයකට වඩා යුදමය හෝ ආයුධ ගත් කණ්ඩායම් අතර ඇති ව තිබූවක්. සමාජයේ පිරිස් දෙකක් අතර ගැටුම් සිදු වුණේ නැහැ". 
     
    අපේ ඉතිහාසය දෙස බැලීමේ දී විවිධ යුගවල විවිධ ජාතීන් අතර දරුණු ගැටුම් හටගත් බවත් විශේෂයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ දී එවන් ගැටලුවක් ඇති නො වූ බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    "පසුගියදා බේරුවල ඇති වු සිද්ධිය සම්බන්යෙන් මාධ්‍යට ලොකු කාර්යභාරයක් සිදු කළ යුතුව තිබුණා. සියලු දෙනාට හැකි වුණා එම සිද්ධිය එතැනින් අවසන් කිරීමට යම් ආකාරයක සංහිඳියාවක් ඇති කරන්න. එම අවස්ථාවේ දී මාධ්‍ය කටයුතු කළ ආකාරය පිළිබඳ ව ස්තූතිවන්ත විය යුතුයි".
     
    සමාජ සංහිඳියාව හැම තැනම, හැම තලයකම හැම ක්ෂේත්‍රයකම සෑම ආකාරයකින් ම ඇති කිරීමට අපි ක්‍රියා කළ යුතු බවත් එය බෙදන්නට හැකි හෝ බෙදන්නට පහසු ක්ෂේත්‍රයකට කොටු කිරීමට ඉඩ නොදිය යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්වරුන් ද මාධ්‍යවේදීන් සහ පාසල් සිසු සිසුවියෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.
     
    DB
     
    DSC 7991
     
     
    DSC 7997
     
    IMG 8098

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya