අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය හැසිරෙන්නේ විද්‍යාත්මකව හා සදාචාරාත්මකව ද යන්න ගැටලුවක්

    ජූලි 23, 2014
    මාධ්‍ය යන්නෙහි න්‍යාය හා විද්‍යාත්මක පසුබිම කොයි ආකාරයෙන් වෙතත් සැබැවින්ම මාධ්‍ය හැසිරෙන්නේ ඒ විද්‍යාත්මක හා සදාචාරාත්මක වැඩපිළිවෙළ තුළ ද කියලා ප්‍රශ්නයක් ඇති වන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙයි.
     
    අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති "සමාජ සංහිදියාව සඳහා මාධ්‍ය භාවිතය" පිළිබඳව සම්මන්ත්‍රණයට සහභාගිවෙමිනි.
     
    "අපි නුතන කතිකාවතකට යා යුතුයි. ඒක අපි හැමවෙලාවෙ ම පෙන්වා දෙනවා. හැබැයි අපි හදවතට එකඟව යම් අවස්ථාවලදී අපේ කථිකාවන්වලදී තීන්දු තීරණ ගැනෙනවා. මේ මාධ්‍ය හැසිරවීම සමාජ සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කළ යුතුයි කියලා. අපි හදවතින්ම එය ඒ ආකාරයෙන්ම සිදුවන්නේ නැද්ද කියා ප්‍රශ්න කළ බැලිය යුතුයි".
     
    බොහෝ මාධ්‍ය වර්තමානයේ දී මුදලාලීකරණය වීම තුළ හිමිකරුවන්ගේ අවශ්‍යතා සපුරන ආයතන බවට පත්ව ඇති බවත් සමාජ මාධ්‍ය ගතහොත් කාගේ හෝ වුවමනාවකට පුද්ගලයෙකු විවේචනය කරන්න කරන දෙයක් ද, සමාජ සාධාරණය හා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරන්න කරන දෙයක් ද කියා බැලිය හැකි බවත් පැවසීය.
     
    මාධ්‍ය වාරණය හා නිදහස යන කරුණු දෙක අතරේ තුලනාත්මක සබැඳියාවක් ඇති කිරීමට සැබැවින්ම මාධ්‍යයට හැකියාවක් තියෙන්නේද යන්න සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
     
    මාධ්‍යකරණය තුළ සමාජ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු වේවා කියා ඈතින් පෙනෙන දෙයකට සුබපතන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya