අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍ය සමාජයේ න්‍යාය පත්‍රය හදන්නා බවට පත්වෙලා

    ජූලි 23, 2014
    සමාජයේ න්‍යාය පත්‍රය හදන්නා බවට මාධ්‍ය පත්ව ඇති බවත් එය විශාල වගකීමකින් හා දැනුමකින් කළ යුතු දෙයක් බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
     
    ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති "සමාජ සංහිදියාව සඳහා මාධ්‍ය භාවිතය" පිළිබඳව සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.
     
    සමාජයක් ලෙස සංවර්ධන කරා යන ගමනට ජනමාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලැබෙන බවත් එබැවින් ජනමාධ්‍යයේ සියලු දෙනා ඒ පිළිබඳ ව අවධානය කටයුතු කළ යුතු යැයි ද ලේකම්වරයා පැවසීය.
     
    "වසර ගණනාවකට පස්සේ අපේ රට ඉදිරියක් සම්බන්ධව, අනාගතයක් සම්බන්ධව අලුතෙන් කල්පනා කරන කාලෙක අපි ඉන්නේ. මාධ්‍ය කියන එක අපේ මුළු ජීවිතේටම, සමාජ ක්‍රියාදාමයටම සම්බන්ධ මාතෘකාවක්. රට පිළිබඳ අලුතින් හිතන කාලෙක රට සම්බන්ධ ඉතාම වැදගත් මාතෘකාවක් මෙහිදී සාකච්ඡාවට ගැනෙනනවා." 
     
    අපේ රටේ ඉතිහාසය පුරාවටමත් ගැටුම් සහ ගැටලු පැවතිලා තිබෙන බව පෙන්වා දෙන ලේකම්වරයා  ඕනෑම සමාජයක ගැටුම් තිබෙන බවත් සමහර ගැටුම් සමහරුන් විසින් මතුකරනු ලබන බවත් පෙන්වා දුන්නේය. 
     
    අද වන විට ප්‍රධාන ගැටලු අඩුවෙලා සමාජ සංහිඳියාවක් පෙ‍නෙන මානය තුළ නිර්මාණය වී පවතින බවත් පැවසීය.
     
    මාධ්‍ය තුළ විශාල දැනුමක්, ධනයක් මෙන් ම බලයක් ද පවතින බැවින් ඒ පිළිබඳ ව වඩාත් කල්පනාකාරී විය යුතු යැයි ද හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya