මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් පසුවෙනවා

    මාර්තු 08, 2017

    වර්තමාන ආණ්ඩුව රටේ ආරක්ෂාව ගැන මෙන්ම රණවිරුවන්ගේ ගෞරවය පිළිබඳව ද දැඩි අවධානයෙන් පසුවන්නේයැයි ප්‍රාදේශීය සංවර්ධන ඇමති පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා පැවසීය.

    එසේ වුව ද වැරදි කරන රණවිරුවන්ට ද රටේ අනෙකුත් ජනතාවට මෙන් නීතිය සමානව ක්‍රියාත්මකකොට දඩුවම් ලබාදිය යුතු අතර එය විනිවිදභාවයකින් සිදුකළ යුතු යයි ඇමතිවරයා පැවසුවේ ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.  

    "අපි යුද්ධ කළේ ත්‍රස්තවාදය විනාශකර රටේ සංහිඳියාව ඇතිකර ජාතීන් අතර සමගිය ගොඩනැගීමටයි.  අපට යුද්ධ කරන්න සිදුවුනේ සංහිඳියාවක් නොතිබූනිසයි.  දැන් අපට නැවත යුද්ධයට යන්න අවශ්‍ය නැහැ" යි ද පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා මෙහිදී පැවසිය.  

    අපරාධ චෝදනා මත සෙබළුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරගෙන යන නමුත් ඒ නිසා ආරක්ෂක බුද්ධි අංශ බිඳවැටී ඇති බවට ඇතැමුන් කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඇමතිවරයා තව දුරටත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya