අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩඩෝ මැතිතුමා සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා කරන ලද ප‍්‍රකාශය Featured

    මාර්තු 09, 2017

    මම සහ මගේ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගනිමින් අපට දක්වන ලද නොමසුරු ආගන්තුක සත්කාරයට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි. අප ඉතා සමීප සහ ස්ථීර මිත‍්‍රත්වයක් බෙදා හදා ගන්නා ඉන්දුනීසියාවේ ජනතාව වෙත ශී‍්‍ර ලාංකීය ජනතාවගේ උණුසුම් සුබ පැතුම් ගෙන එමි.

    ගරු ජනාධිපතිතුමනි,

    ශී‍්‍ර ලංකාවේ හා ඉන්දුනීසියාවේ ජනතාව අතර පවත්නා සමීප සබඳතාවයට දශක කිහිපයක් ගතවීමෙන් අනතුරුව සිදු වූ මෙම ඓතිහාසික නිල සංචාරය සඳහා අවස්ථාව ලබාදීම පිළිබඳව මම බෙහෙවින් ඔබට ස්තූතිවන්ත වෙමි.

    කොළඹ බලවතුන්ගේ සමුළුව 1955 බැන්ඩුන් සමුළුව හා නොබැඳි ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර මුලපිරිම්වලදී අප පාර්ශවකරුවන් වූයෙමු. අපි ඉන්දියන් සාගරයේ පොදු උරුමක්කාරයින් වෙමු. ඉන්දියන් සාගර කලාපීය සංවිධානයේ නායකත්වය වෙනුවෙන් හා දැන් අවසන් වූ එහි පළමු රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් මම ජනාධිපති ජෝකෝ විඩාඩෝ ජනාධිපතිතුමාට සුබ පතමි.

    ඉන්දුනීසියාවෙන් ශී‍්‍ර ලංකාවට ත්‍යාගයක් ලෙස එවන ලද සහල් වෙනුවෙන් අපි ඉන්දුනීසියාවට කෘතඥපූර්වක වෙමු. සහල් සැපයීමේ අඩු පාඩුව මගහරවා ගැනීම සඳහා මා කළ ඉල්ලීමට අනුව ජනපති විඩාඩෝ ශී‍්‍ර ලංකාවේ ජනතාවට සහල් මෙට්ටි‍්‍රක් ටොන් පන්දාහක් සැපයීය. මෙම අත්‍යාවශ්‍ය අවස්ථාවේ ශී‍්‍ර ලංකාවට දිගු කරන ලද මිත‍්‍රත්වයේ හස්තය වෙනුවෙන් මම ඉන්දුනීසියානු රජයට ස්තූතිවන්ත වෙමි.

    අන්‍යොන්‍ය බැඳියාව සඳහා වූ ක්ෂේත‍්‍ර කිහිපයක් පිළිබඳ අද උදෑසන අපි ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව ගරු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. අපේ ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප‍්‍රතිඵල පිළිබඳව මම සතුටට පත්වෙමි. අපේ සබඳතා හා හවුල් ව්‍යාපාර ඉහළට ඔසවා තැබීම සඳහා වූ ආරම්භයක් පිළිබඳ අප එකඟතාවයන්ට එළැඹුනෙමු.

    අන්‍යොන්‍ය උනන්දුව තුළ සියලු ක්ෂේත‍්‍රයන්හි අපගේ සබඳතා තවදුරටත් ඉහළ දැමීමට මගේ රජයත් පෞද්ගලිකව මමත් කැපවී සිටින්නෙමු. ආහාර සුරක්ෂිතතාවය, කෘෂිකාර්මික, සමුද්‍රික හා ධීවර, ආපදා කළමනාකරණ, සංවර්ධන සහය, සෞඛ්‍ය අංශය, දුම්රිය සඳහා තාක්ෂණය භාවිතා කිරීම, ගුවන් කටයුතු, සංචාර, අධ්‍යාපනය හා පර්යේෂණ, කුසලතා සංවර්ධනය, වෘත්තීය පුහුණුව, රබර් කර්මාන්තය, ආරක්ෂාව මෙන්ම වෙනත් ක්ෂේත‍්‍රවල අපේ ආර්ථික සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අප දෙරට එක්වී කටයුතු කරන්නෙමු.

    වැඩි කල් නොගොස් ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට මම ගරු ජනපති විඩාඩෝ මැතිතුමාට ආරාධනා කරමි. ශී‍්‍ර ලංකාවේදී ඔබ පිළිගැනීමටත්, වසරේ ඉදිරි කාලයේදී අපේ සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා වූ සාකච්ඡා ඉදිරියට ගෙන යාමටත් මම බලාපොරොත්තුවෙන් සිටිමි.

    මෙම සංචාරය අපේ දීර්ඝකාලීන සබඳතාවයේ අලුත් හා ඵලදායී පරිච්ජේදයක් සඳහා මග පාදනු ඇති බව මගේ විශ්වාසයයි.

    මෙම ඓතිහාසික සංචාරයේ හා ඔබේ සුන්දර රටෙහි සුන්දර මතකයන් මම රැගෙන යමි.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya