මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රජය සෑම විටම ඉන්දියානු ධීවරයන්ගේ ආරක්ෂාවට කටයුතු කරනවා- විදේශ අමාත්‍යාංශය

    මාර්තු 08, 2017

    ඉන්දියානු ධීවරයින්ට වෙඩි තබන ලද්දේ යයි ද එක් ධීවරයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් ධීවරයෙකු තුවාල ලබන ලද්දේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය බලවත් කණගාටුවට පත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



    ධීවරයින්ගේ ආරක්‍ෂාව විශේෂයෙන් වැදගත් වන හෙයින්  ශ්‍රී ලංකා රජය සෑම කල්හිම  සියලුම ඉන්දියානු ධීවරයින් සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින්, සියලුම නියෝජිතායතන විසින්  කටයුතු කරන බවට සහතික වෙයි. ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව මූලික පරීක්‍ෂණ වලදී හෙළිදරව් වී තිබේ. 

     

    අදාළ පාර්ශ්වකරුවන් කවරෙකු වුවද, වෙඩිතැබීමේ සිද්ධියක් ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්නම් එය දැඩි ලෙස සැලකිල්ලට භාජනය වන සිද්ධියක් ලෙස සලකනු ලබන අතර අදාළ ඉන්දියානු බලධාරීන්ගේ සහයෝගය ඇතිව, චන්ද්‍රිකා තාක්‍ෂණය ද  උපයෝගී කර ගනිමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya