අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය සුරකින්න වීදි ලාම්පු දැල්වීමේ කාලය අඩු කරන්න Featured

    පෙබරවාරි 21, 2017

    පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය සුරකින්න වීදි ලාම්පු දල්වා තබන කාලසීමාව පැයකින් අවම කරන්න ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා සිටි.

    "මේ පවතින කාලගුණික තත්ත්වය මේ මට්ටමෙන්ම පැවතුණොත් ජල විදුලි නිෂ්පාදනයට විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. නමුත් ඒ ආකාරයෙන් ජලයෙන් විදුලිය නිපදවන්න බැරි වුණත් මහජනතාවට අඛණ්ඩව විදුලිය සපයන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ සඳහා විශාල වියදමක් දරන්න වෙනවා. විදුලිබල මණ්ඩලයෙන් නෙමෙයි මහා භාණ්ඩාගාරයෙන් තමයි මේ වියදම දරන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හැමදෙනාටම ඒ  වියදම බෙදී යනවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ පවතින තත්ත්වයෙන් ගොඩඒමට නම්, විදුලිය ඉතිරි කරන්න කියලා. අවම වශයෙන් මෙගාවොට් 50ක් ඉතිරි කරගන්න පුළුවන් වුණොත් ඒක විශාල ජයග‍්‍රහණයක්.  මේ රටේ වීදිලාම්පු ලක්ෂ දහයක ප‍්‍රමාණයක් පවතිනවා. මේ වීදි ලාම්පු දල්වා තබන වේලාවන් සවස සහ උදේ වරුවෙන් පැය 1/2 බැගින් අඩුකරගන්න පුළුවන්නම්, මේ පවතින කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත‍්‍රයට එය විශාල සහනයක්" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (20) පෙරවරුවේ කෑගල්ල කච්චේරියේ පැවති සංවර්ධන කමිටු  රැස්වීමකට සහභාගි වෙමිනි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ...

    "අපිට අංක එකට සලකන්නවෙලා තියෙන්නේ පානීය ජලය සැපයිමයි. අංක දෙකට තමයි අපි විදුලි නිෂ්පාදනය කිරීම පිළිබඳව සිතන්නේ. ඒ ආකාරයෙන් පානීය ජලය ගැන නොසිතා පවතින ජල ප‍්‍රමාණය විදුලිය නිපදවන්න පමණක් යොදාගන්නවානම්, මේ පවතින තත්ත්වය හමුවේ මැයි මස 31 දක්වා විදුලිය නිපදවන්න පුළුවන්. නමුත් විදුලි නිෂ්පාදනයට වඩා පානීය ජලයට ප‍්‍රමුඛස්ථානයක් දියයුතු බැවින් මේ කාලගුණික තත්ත්වය මේ මට්ටමෙන්ම පැවතුණොත්, වැස්ස නොලැබුණොත්, අපේ‍්‍රල් මාසෙ 21, 22 පමණ වනවිට ජලයෙන් විදුලිය නිපදවීම නවත්වන්න වෙනවා" යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya