අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ජාත්‍යන්තර සම්මානයක්

    පෙබරවාරි 21, 2017

    ලෝක සාමූහික සමාජ වගකීම් සඳහා වන (World CSR Day and CSR) සමුළුවේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය  වෙනුවෙන් Outstanding Contribution to Social Development සම්මානයට පාත්‍ර විය.

    සමාජ සංවර්ධනය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය සහ දායකත්වය මුලු ‍ලොවට ම ආදර්ශයක් බවත්, විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ සිට සමාජය වෙනස් කිරීම වෙනුවෙන් අමාත්‍යවරයා සතු උදාර නායකත්වය අගය කරන බවත්, එම දැනුම සහ අත්දැකීම් සෙසු රටවල් සමග හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සමුළුව සඳහා අමාත්‍යවරයාට ආරාධනා කළ බව World CSR Day and CSR සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර් එල් භාතියා මහතා සඳහන් කළේය.

     

    ඉන්දියාවේ මුම්බායිහි The Taj Land End හෝටලයේ දී පසුගියදා (2017-02-17 හා 18 දෙදින තුළ) පැවති මෙම සමුළුවට ආසියානු සහ යුරෝපීය රටවල් 84ක නියෝජිතයින් එක්ව සිටියා. මෙවර සමුළුවේ තේමාව වූයේ The Future of Profit is purpose යන්නයි.

     

    තිරසර හා සමස්ත සංවර්ධනය සඳහා සමාජ වගකීම උදෙසා ආර්ථික වර්ධනය හා ව්‍යාපාර තිරසර සංවර්ධනය සඳහා සමාජ නවීකරණය, පිළිබඳ සිදුවිය යුතු සමාජ වෙනස්කිරීම් ආදී ක්ෂේත්‍රයන් සම්බන්ධව මෙම සමුළුවේ දී සාකච්ඡා කෙරුණු අතර,  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ‍මෙම සමුළුව අමතා සාමූහික සමාජ වගකීම් හා තිරසර සංවර්ධන අරමුණු (CSR and Sustainable Goals) මැයෙන් විශේෂ දේශනයක් ද පැවැත්විය.

     

    ලෝක තිරසාර සහ සාමූහික සමාජ වගකීම් සඳහා වන world CSR Day and world Sustainability ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාතිය මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ‍මෙම සම්මානය පිරිනැමීම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya