අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට කටයුතු කිරීම වැදගත් Featured

    ජනවාරි 13, 2017

    අපදා අවස්ථාවේ දී ජනමාධ්‍ය වගකීම පෙරදැරිව කටයුතු කිරීම වැදගත් බවත් ජාතියක් ලෙස එකට එක් වී නියඟ තත්ත්වයට මුහුණදීමට  කටයුතු කිරීම වැදගත් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (13) මේ බව ප්‍රකාශ කළේ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශ කළේ, දිවයින පුරා දැනට පවතින වියළි කාලගුණික තත්ත්වය පිළිබඳ පූර්ව දැනුවත් කිරීම  ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවෙමිනි.


    ඉදිරි කාලසීමාව තුළ ලංකාවේ දැඩි නියඟ තත්ත්වයක් වාර්තා වෙනවා.ඒ පිළිබඳව කාලගුණික දෙපාර්තමේන්තුවත්, ගෝලීය වශයෙනුත් දැනුවත් කිරීම් කර තිබෙනවා.විශේෂයෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපැමට මුහුණ දීම සඳහා අවශ්‍ය උපදෙස් ජනාධිපතිතුමා දැනටමත් කැබිනට් මණ්ඩලයට ලබාදී තිබෙන අතර ඒ අනුව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබෙනවා.

     

    ජාතික ආපදාවක් ලෙස ප්‍රකාශ නොවූවත් ජනමාධ්‍යටත් සුවිශේෂී කටයුත්තක් මේ මොහොතේ සිදු කිරීමට තිබෙනවා.වැරදි පුවත් වලින් තොරව,සියල්ල එක කණ්ඩායමක් ලෙස  කටයුතු කිරීම වැදගත් වෙනවා.සමජ මාධ්‍ය එකතු වී සමාජ වගකීමක් සහිත වැඩපිළිවෙලක් සකස් කිරීම වැදගත් ජනතාවට තොරතුරු ලබාදීමේ දී ජනමධ්‍ය සමජ වගකීමක් පෙරදැරිකරගෙන විනිවිධභාවයෙන් මෙවැනි අවස්ථාවක කටයුතු කිරීම වැදගත්. ජල අරපිරිමැස්ම, විදුලිය අරපිරිමැස්ම පිලෛබඳව දැනුවත් කළ යුතුයි.ජනමධ්‍ය මෙවැනි ආපදා තත්ත්වයන් පවතින අවස්ථාවල ඉදිරියට පැමිණ කටයුතු කළ ආකාරය දැක තිබෙනවා.

     

    මෙවැනි අවස්ථාවල සමහර අසහ්නකාරී තත්ත්වයක් ඇති වෙනවා.බාල දේශපාලනය ක්‍රියාත්මක වෙනවා. බීමට ජලය අවශ්‍ය නිසා සමහර කෘෂි ප්‍රදේශවලට ජලය නිකුත් කිරීමට නොහැකි වෙනවා.වතුර තිබිලත් ගමේ අයට වතුර නෑ කියලා කියන්න පුළුවන්. සත්‍ය ස්වාභාවය ජනතාවට කිව යුතුයි.ජනාධිපතිතුමා සමඟ සියලු ආයතන එක්ව සාකච්ඡාවක් පැවැත්වෙනවා.මෙහිදී සන්නිවේදනය ඉතාම වැදගත්.මෙහිදී මාධ්‍යයට විශල යුතුකමක් තිබෙනවා.

     

    ජනතාව සිදු කරන සාමූහික ක්‍රියාකාරකම්වලට අපි සහය දිය යුතුයි. තමන්ගේ ටැප් එක ගැන හිතන්නේ නැතිව සාමූහිකව ක්‍රියාත්මක කිරීම වැදගත්. මෙවැනි තත්ත්වයක් තුළ ආහාර රටාව පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි.ආපදා තත්ත්වය දී එකට එක්ව වැඩකිරීමයි වැදගත්.එකම ජාතියක් ලෙස එකම කඳවුරක් ලෙස එක්ව වැඩකිරීමට කටයුතු කරමු. ජනතාවට නිවැරැදි තොරතුරු ලබාදීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබෙනවා.

     

    මෙහිදී අඳහස් දැක්වූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා,ආපදා අවස්ථාවේ දී ජනමාධ්‍ය වෙත නිවැරැදි තොරතුරු ලබාදීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ තොරතුරු ඒකකයක් පිහිටුවා තිබෙනවා.අද සිට එය ක්‍රියාත්මකයි.ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මාධ්‍ය බර ලබා නොදී එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පැය 24 පුරා  දින හත තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.අපට අවශ්‍ය නිවැරැදි තොරතුරු ලබා දී  ජනතව දැනුවත් කිරීමටයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya