මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෙබරවාරි මස 03 දා තොරතුරු පනත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

    ජනවාරි 12, 2017
     
    " තොරතුරු දැනගැනීමේ පණත  ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැවරී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පෙබරවාරි මස 03 දා ගැසට් නිවේදනයක් නිකුත් කරන බවත් ඇමති ගයන්ත කරුණාතිලක මහතා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂම හමුවේ පැවසීය.
    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා ඇතුලු පිරිස අතර  විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විණි. 
     
    "විනිවිද පාලනයක්, දූෂණ අවම කරගතහැකි  අවස්ථාවක්, රටේ මුදල් යම් කටයුත්තකට යෙදවූ පසුව ඒවා ක්‍රියාත්මක වුනු ආකාරය පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමට වගේම රටේ ඕනෑම තොරතුරක් ජනතාවට අවශ්‍ය වූ විට එය දැනගැනීමට හැකියාව තොරතුරු දැනගැනීමේ පණත හරහා රටේ සියලු ජනතාවට සමානව ලැබෙනවා. පණත ක්‍රියාත්මක කිරීමේ අභියෝගය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පැවරී තිබෙනවා. 
     
    ඒ වගේම තොරතුරු ලබාගැනීමේ අවස්ථාව ජනතාවට උදාකර දෙන්නට පෙබරවාරි මස 03 දා ගැසට් නිවේදනයක් නිකුත් කරනව. ඊට පසුව මේ පණතට අනුව සෑම පුරවැසියකටම අයිතිය ලැබෙනව තමන්ට අවශ්‍ය තොරතුරක් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ලබාගැනීමට. " යයිද  ජනමාධ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
     
    කොමිසමෙහි සාමාජිකයින් ගණන 05කි. එහි සභාපතීත්වය මහින්ද ගම්මන්පිල මහතා දරන අතර සෙසු කමිටු සාමාජිකයින් වන්නේ කීශාලි පිංතෝ ජයවර්ධන, එස්. ජී. පුංචිහේවා, ඒ.ඩබ්.ඒ මලාම්, සිල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම  මහත්මීන්ය. 
     
    මෙහිදී තවදුරටත් අදඑස් දැක්වු  අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා,
     
    " විශේෂයෙන් අපේ රජය පත්වෙලා ජනතාවට දුන් පොරොන්දුවක් තමයි තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත හදුන්වා දී ඒ මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරනව කියක එක. අපි පසුගිය වසරේ අගෝස්තු මස 04 දා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල මන්ත්‍රීවරු 225 දෙනාගේම එකගතාවයෙන් ඒකච්ඡන්දයෙන් සම්මත කරගත්ත. ඒ පණත සමමත වන විටම පණතේ සදහන් කරල තිබෙනව පාර්ලිමේන්තුවේ සම්මත වී මාස 06ක් ඇතුලත පණත ක්‍රියාත්මක කල යුතු බව. 
     
    අප මූලික වශයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු ආයතන ප්‍රධානීන් දැනුවත්කිරීම් සිදුකලා. දිස්ත්‍රික්ක ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු පළාත්සභා වල ලේකම්වරුන් අපි දැනුම්වත් කලා. ඒ වගේම මාධ්‍යවේදීන්, විශේෂයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු පවත්වල ඒ කාර්ය සිදුකලා. තවත් කිහිපයක් ඉදිරි සතිය තුල පත්වනවා."
     
    " දැන් මේවන විට අමාත්‍යංශ සියල්ලගෙන්ම, ආයතන සියල්ලගෙන්ම පාහේ තොරතුරු නිලධාරීන් තෝරාගෙන නම් කරල තිබෙනව. අපි බලාපොරොත්තු වෙනව ඒ සියලුම දෙනාට මේ පිළිබඳව පුහුණුවක් ලබාදෙන්න. සියලුම තොරතුරු නිලධාරීන් එක් තැනකට ගෙන්වා පණත පිළිබඳව පැහැදිලි කිරීම් සිදුකොට ඔවුනට ඒ පත්වීම පිරිනැමීමටත් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පෙබරවාරි මස 03දා යින් පසුව රට පුරා සියලුම රාජ්‍ය ආයතන වල මේ කටයුතු ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. "
     
    " තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පණත හදුන්වා දීමට හැකිවීම පිළබඳවත් ඒ පණත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට හැකිවීම පිළිබඳවත් මාස හයකින් ඒ පණතින් ජනතාවට තොරතුරු දැනගැනීමට අවශ්‍ය වටපිටාව සකස්කර දී ඒ සදහා පහසුකම් සම්පාදනය කිරීමට හැකිවීම පිළිබදවත් අප සතුටු වෙනව. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පණත පිළිබඳ කොමිෂම මේ සියලු කරුණු සම්පාදනය කරගෙන මෙමගින් සියලු ජනතාවට යතාර්ථයක් බවට මේ පණත පත් කිරීමට, මෙය පොදු ජනතාවට ප්‍රයෝජනවත් තැනක් බවට පත්කිරීමට අදාල සියලු කටයුතු ඉතා උනන්දුවෙන් නිශ්චිත කාලයට අනුව ඉටු කර ඒ ඓතිහාසික අවස්ථාව අප ලඟාකරගෙන තිබෙනව. "
     
    "මේ පණතේ පැහැදිලිව සඳහන් වෙනවා ජනතාවට ලබාගතහැකි තොරතුරු මොනවද?  ඒ වගේම යම් යම් තොරතුරු තිබෙනව ජාතික ආරක්ෂාවට යම් අයුරකින් තර්ජනයක් වෙනව නම් තොරතුරු ලබාදෙන්න පුලුවන් කමක් නැහැ. ඒ වගේම පෞද්ගලික තොරතුරු, යම් කෙනෙකුගේ වෛද්‍ය වාර්තා වගේ දේවල් වගේ ඒවා ලබාදීමට හැකියාවක් නැහැ. මේ පණත පිළිබඳව දැනුම්වත් කිරීම් අප මූලික වශයෙන් සිදුකලේ රාජ්‍ය නිලධාරීන්ට. ඒ වගේම මාධ්‍යවේදීන්ට. දැන් අපි විවිධ ක්‍රම වලට මෙය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ පණතේ නිසි ප්‍රයෝජනය ලැබීමේ වාසනාව හිමිවන්නේ රටේ ජනතාවටයි. පුරවැසියාටයි මේ පණතේ වාසිය හිමිවන්නේ. පෙබරවාරි 03දා යින් පසුව ටිකෙන් ටික ජනතාව මේකට හුරුවෙයි. මේ පණතින් තමන්ට හිමිවන වාසිය කුමක්ද කියල අවබෝධකර ගනීවි. ඉන් පසු දිගින් දිගටම නිසි ප්‍රයෝජන ලබන්න හැකිවෙනවා. " 
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya