අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දූෂණ විරෝධී ජාතික සමුළුව - 2016

    දෙසැම්බර් 06, 2016
    ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟාකරගැනීම පිණිස දූෂණයෙන් තොර සමාජයක් ඇති කිරීමේ වැදගත්කම පිළිබඳ ව දේශපාලනඥයන්, රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් හා අදාළ පාර්ශවයන් දැනුම්වත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාතික දූෂණ විරෝධී සමුළුව - 2016 09දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනාරාල් සරත් ජයමාන්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
     
    "සුපිළිපන් පාලනයක්" යන තේමාවෙන් පැවැත්වෙන මෙම සමුළුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කොමිෂන් සභාව විසින් සංවිධානය කරනු ලබයි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව සංවිධානය කරන මෙම සමුළුව දෙසැම්බර් 09දාට යෙදෙන ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමඟාමීව පැවැත්වේ.
     
    මෙහි ප්‍රධාන සැසිය "මැතිවරණ ප්‍රචාරණ වියදම් තුළින් ඇතිවන දූෂණය" මැයෙන් පැවැත්වේ. ප්‍රධාන සැසියෙන් අනතුරුව "රාජ්‍ය අංශයේ දූෂණය පෞද්ගලික ඇසින්", "රාජ්‍ය නිලධාරීන් වෙත ඇති කරන පීඩනය දූෂණයට මග පාදන්නේද?" හා "නිල රාජකාරි ඉටු කිරීමේදී විනිවිදභාවය, වගවීම හා බැඳියාවන් අතර ගැටුම" මැයෙන් සමඟාමී සැසි 03ක් වශයෙන් පැවැත්වෙන අතර සමාලෝචන සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
     
    මෙම සමුළුව සඳහා දේශපාලන නායකයින්, රාජ්‍ය අංශයේ නිලධාරීන් හා මාධ්‍ය, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 800කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya