අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් සභා මූල්‍ය ප්‍රතිපාදන කප්පාදු කර නැහැ - මුදල් ඇමැති

    දෙසැම්බර් 06, 2016

    2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් පළාත් සභා වෙනුවෙන් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන කිසිදු අයුරකින් කප්පාදුවකට ලක්කර නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

    එබැවින් මෙවර අයවැය යෝජනාවලිය මගින් මෙතෙක් පළාත් සභා සඳහා රජය විසින් වෙන් කරන ලද මුල්‍ය ප්‍රතිපාදන කප්පාදු කර ඇති බවට ඇතැම් පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් නගන චෝදනාවන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     

    මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ, ඇතැම් අංශ සඳහා මෙතෙක් පළාත් සභා සඳහා මුදල් ලබා දුන් ක්‍රමවේදය වෙනුවට අදාළ රේඛීය අමාත්‍යාංශය වෙත අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ඍජුව ලබා දීමට පියවර ගෙන ඇති බවයි.

     

    එමගින් පළාත් සභා සඳහා රජය වෙන් කරන මුදල් විදේශ සංචාර වැනි නාස්තිකාර ක්‍රියා සඳහා යෙදවීම වළකින අතර ඒවා පළාතේ මහජන හිතසුව පිණිස ම යොදා ගැනීමට හැකිවනු ඇති බවට මුදල් අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

     

    එසේ ම පොදුවේ පළාත් සභාව වෙත ලබා දිය යුතු ප්‍රතිපාදන එලෙස ම තවදුරටත් ලබා දෙන අතර අනෙකුත් මුදල්, ඒ ඒ රේඛීය අමාත්‍යාංශයන්හි අවශ්‍යතා මත දැනටමත් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියි.

     

    මීට අමතරව පළාත් සභාවලට අයත්, පළාත් පාලන ආයතන මගින් අය කෙරෙන රථ වාහන ලියාපදිංචි ගාස්තු, මුද්දර ගාස්තු, උසාවි දඩ, පළාත් පාලන ආයතනවල බදු සහ බදු නොවන ආදායම් ඒකාබද්ධ අරමුදලට බැර නොවී පළාත් සභා අරමුදලට බැර කෙරෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya