අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැඩි නියං සමයක් වුවත් විදුලි කප්පාදුවක් නැහැ- විදුලිබල ඇමැති Featured

    ඔක්තෝබර් 16, 2016

    දැඩි නියං සමයක් වුවත් නිසි කළමනාකාරීත්වයක් තුළින් කිසිඳු කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය සපයන්න සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.‍

    "මේ දවස්වල ජනතාව මගෙන් නිතර අසන ප්‍රශ්නයක් තමයි විදුලිය කපනවාද කියලා. මේ වගේ නියං කාල වලදී විදුලි නිෂ්පාදනය සඳහා වැඩි වියදමක් දරන්න වෙනවා. නමුත් අපි විදුලිය කපන්න බලාපොරොත්තුවක් නැහැ. අනිත් කාරණය තමයි නිෂ්පාදන වියදම වැඩි නිසා විදුලි බිල වැඩි කරනවාද කියලා. එහෙම විදුලි බිල වැඩි කරන්නත් අපේ කිසිම අදහසක් නැහැ. තවත් අය අහනවා ඉන්දියාවෙන් විදුලිය ගේනවාද කියලා. එහෙම දෙයක් නැහැ.  ඉන්දියාව පමණක් නොවෙයි අනෙක් සියලු රටවල් සමගත් අතිරික්ත විදුලිය ඛෙදාගන්න අපි මේ දවස්වල සාකච්ඡා කරනවා. මේ වගේ නියං සමයක විදුලි සැපයුම නිසි පරිදි සිදුකිරීම විශාල අභියෝගයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, බටංගල තාක්ෂණික විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා,

    "කළින් යෝජනා වුණේ රු. 60,000ක් ගෙවලා මෙම පාඨමාලා හදාරන්න. නමුත් අපි දැඩි තීරණයක් ගත්තා නොමිලේ මෙම පාඨමාලා හදාරන්න අවස්ථාව දෙන්න. ඒ නිසා අද වැඩි දෙනෙකුට මෙයින් අධ්‍යාපනය ලබන්න හැකිවෙනවා. අපි සාම්ප්‍රධායික අධ්‍යාපනයත් එක්ක විශාල ගැටලුවකට මැදිවෙලා ඉන්නේ. රැකියා අවස්ථා ලබාගනිද්දි මේක විශාල ගැටලුවක්. අපේ උපාධිධාරී ඉන්නවා ඕන තරම්. නමුත් ප්‍රායෝගික අධ්‍යාපනය ලබපු දරුවෙක් හොයන්න ගියාම ඒක නිකිනි හොයනවා වගේ අමාරු වැඩක්. වසර 12ක් රාජකාරි කරපු කෙනාගෙනුත් අපි අහනවා සාමාන්‍ය පෙළ සාමාර්ථ ගැන. මේක අපේ සාම්ප්‍රදායික ක්‍රමවේදය. මේ සමාජ මතවාදය අපි බිඳලා දාන්න ඕන. වෙනස් ක්‍රමවේදයකට යන්න ඕන. වෘත්තිය පුහුණුව ලබාදෙන්න ඕන. අද ජාතියක් වශයෙනුත් මේ දිස්ත්‍රික්කයට ලොකු සේවයක් ඉටුකළේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya