අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීලහරිත ගම්මාන දස දහසක් වැඩසටහන ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ Featured

    ජූලි 02, 2016

    ''නීල හරිත ලස්සන ලංකා,'' වැඩපිළිවෙළ යටතේ ඉදිරි වසර හතර ඇතුළත පරිසර හිතකාමී හරිත සුහුරු ගම්මාන දස දහසක් රට පුරා සකස් කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පෙරවරුවේ කෑගල්ල, පරගම්මන සණස අධ්‍යාපන මණ්ඩලයේදී පැවැත්විණි.

    2015 වසරේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවති දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක 2 ඉක්ම නොයන ලෙස කටයුතු කිරීමට ලෝක රාජ්‍ය නායකයෝ එකඟ වූහ.

    එම ගිවිසුම අනුව ශී‍්‍ර ලංකාවේ දායකත්වය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘතීන් අතර පරිසර හිතකාමී හරිත සුහුරු ගම්මාන දස දහසක් ඇති කිරීමේ ව්‍යාපෘතිය ප‍්‍රධාන වේ.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අද ලෝකයේ සියලූම රාජ්‍ය නායකයින්ගේ ද, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු සියලූ සංවිධානවල ද ප‍්‍රමුඛ අවධානය ස්වභාවික සම්පත් සංරක්ෂණ සහ පෝෂණය කෙරහි යොමුව ඇති බවයි.

    පරිසරය විනාශවීමේ අනිටු විපාකවලින් අනාගත පරපුර ගලවා ගැනීම උදෙසා නීලහරිත ගම්මාන දස දහසක් වැඩසටහන සමග සියලූදෙනා සකී‍්‍රයව දායකවිම ජාතියේ අනාගතය වෙනුවෙන් වූ වගකීම් ඉටුකිරීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසිය.

    ස්වභාවික සම්පත් සමඟ ජීවත්වෙමින්, ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ සහ පෝෂණය කිරීමේ ජන ජීවිතය මෙම වැඩසටහන සමග යළි ශක්තිමත්වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    පළාත් 09 ම නියෝජනය වන අයුරින් නීල හරිත ලස්සන ලංකා වැඩසටහනේ කි‍්‍රයාකාරින් සඳහා සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අරණායක නාය යාමෙන් මිය ගිය සණස ආයතනයේ ආර්ථික සංවර්ධන නිලධාරියා වෙනුවෙන් පිරිනැමුණු වන්දි මුදලට අදාළ චෙක්පත ඒ මහතාගේ බිරි`ද වෙත ලබාදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    සණස සමාජිකාවන් වෙනුවෙන් පැවති වැඩමුළුවක් ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

    සණස අධ්‍යාපන මණ්ඩල පරිශ‍්‍රයේ සදුන් පැලයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, පරිසර සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, සණස ව්‍යාපාරයේ නිර්මාතෘ පී.ඒ. කිරිවන්දෙනිය යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට ද එක්ව සිටියහ.

     

    pmdnews

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya