මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහබැංකු අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කෙරේ Featured

    ජූලි 02, 2016

    ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා මහබැංකු අධිපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

    මේ වන විට ඒ මහතා 66 වියේ පසුවන ආර්ථික විද්‍යාඥයෙකි. ඒ මහතා සිය නව ධූරයේ ළඟදීම වැඩභාර ගැනීමට නියමිතය.

     

    කොළඹ, රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ හර්රොව් පාසලේ අධ්‍යාපන ලබා ගත් ආචාර්ය කුමාරස්වාමී මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගත්තේය. ඔහු ආචාර්ය උපාධිය සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේය.

     

    කුමාරස්වාමි මහතා 1973 දී මහබැංකු සේවයට එක් වූ ඒ මහතා  මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ , බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවල සහ මුදල් හා සැලසුම් අමාත්‍යංශයේ සේවයද සේවය කර ඇත.

     

    පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස 1990 සිට 2008 දක්වා කටයුතු කර ඇත.

     

    ක්‍රීඩාවෙහි ද දක්කම් දක්වා ඇති කුමාරස්වාමී මහතා 1971 සිට 1972 දක්වා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රිඩයෙකු වූ අතර එම විශ්වවිද්‍යාලයේ රගර් ක්‍රීඩාවෙහිද නිතර වූවෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya