අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු රෝගීන් 20,000 ඉක්මවයි- මරණ 31ක්

    ජූනි 27, 2016

    මෙම වසරේ ඩෙංගු රෝගීන් 20,000 ඉක්මව වන අතර  මරණ 31 ක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    ගංවතුරෙන් යට වූ ප‍්‍රදේශවල විශේෂ ශ‍්‍රමදාන අද (27) සිට ක‍්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට නියෝග කර තිබේ.

    ඒ අනුව දිවයින පුරා ඩෙංගු වසංගත තත්ත්වයක් වාර්තා වීමත් සමඟ ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද  සිට අඛණ්ඩව ගෙයින්ගෙට ගොස් පරිශ‍්‍ර පිරිසිදු කිරීමේ ශ‍්‍රමදාන ඇතුළත් වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩසටහන සඳහා ත‍්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරචිචි මහතාට දූරකතනයෙන් දැනුම් දී ඇත.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (26)  කොළඹ අයි.ඩි.එච් උණ රෝහල සහ මහරගම රෝහල නිරීක්ෂණය කළේය. ඩෙංගු රෝගයට ලක් වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබන්නේ අයි.ඩි.එච් උණ රෝහලේය.

    එහි අධ්‍යක්ෂ ලලිත් පෝද්දල්ගොඩ මහතා සහ රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහලේ බාහිර රෝගී ප‍්‍රතිකාර අංශය රාත‍්‍රි 08.00 දක්වා විවෘතව තබන ලෙස දැනුම් දී ඇත.

    ඖෂධවේදීන්ගේ සහ හෙද හෙදියන්ගේ හිඟයට පුහුණුවෙමින් පවතින ඖෂධවේදීන් සහ හෙදියන් ලබාදීමට පියවර ගන්නා බව ද ප‍්‍රකාශ කළ අතර මේ  වනවිට අයි.ඩි.එච් රෝහලේ ඩෙංගු රෝගීන් 160 ක් පමණ ප‍්‍රතිකාර ලබති.

    එම රෝහලේ ළමා වාට්ටුවේ පාසල් ළමුන් 12 ක් පමණ ප‍්‍රතිකාර ලබා ගන්නා අතර, පාසල් ළමුන් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණීම ද ඉහළ ගොස් තිබෙන අතර එම නිසා පාසල් සහ සියලුම රාජ්‍ය ආයතන අඟහරුවාදා (28)  දින පෙරවරුවේ පවිත‍්‍ර කර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

     
    විශේෂයෙන්ම ගංවතුර හේතුවෙන් ආපදාවට පත්වු කොළොන්නාව, කඩුවෙල, ගම්පහ ප‍්‍රදේශවල තවමත් කසල ද්‍රව්‍ය තිබීම හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම වැඩිවී තිබෙන බව සෞඛ්‍ය අංශ අවධාරණය කර ගෙන ඇත. එමෙන්ම දිවයින පුරා රෝහල් ආශ‍්‍රීතව ඇති ධූමායන යන්ත‍්‍ර කොළඹට ගෙන්වා ධූමායන කටයුතු සිදු කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

     
    එමෙන්ම මෙම මස 30 සිට ජුලි 02 දක්වා ති‍්‍රවිධ හමුදාව හා පොලිසියේ ද සහභාගීත්වයෙන් යළිත් තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya