අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීමවල සීනි ප්‍රමාණය සටහන් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි

    ජූනි 27, 2016

    සෑම බීම වර්ගයකම අඩංගු වන සීනි ප‍්‍රමාණය වර්ණ මගින් සටහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත‍්‍රය අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    සීනි නිෂ්පාදනය සඳහා අය කරන බදු ප‍්‍රමාණය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

     

    1980 අංක 26 දරන ආහාර පනත යටතේ නිකුත් කළ ආහාර ශ්‍රේණි මට්ට සඳහා වන වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

     

    එම ගැසට් පත‍්‍රය ලබන 01 වැනි දින සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.


    ඒ අනුව ආහාර පාලන පනතේ විධිවිධාන යටතේ සෑම බීම වර්ගයකම (මිලිලීටර් 100 ක් සඳහා) ග්‍රෑම් 11 වැඩි ඉහළ සීනි මට්ටම අඩංගු නම් රතු වර්ණයෙන් ද, ග්‍රෑම් 02 සිට ග්‍රෑම් 11 දක්වා මධ්‍යම සීනි මට්ටමක් අඩංගු නම් කහ වර්ණයෙන් ද, ග්‍රෑම් 02 කට වඩා අඩු සීනි මට්ටමක් අඩංගු කොළ වර්ණයෙන් ද සඳහන් විය යුතු බව සඳහන් කළ ගැසට් පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙසේ වර්ණ සංකේවත් කිරීම මගින් මහජනතාවටට් බීමවල සීනි මට්ටම් නිරීක්ෂණය කළ හැකි අතර, ඒ අනුව සුදුසු බීම වර්ග තෝරා ගත හැකි අතර එමගින් බෝනොවන රෝග පාලනය කර ගැනිම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රධාන අරමුණයි.

    මෙම වර්ණ සංකේතවත් කිරීම ක‍්‍රියාත්මක කිරිම පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ බීම නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

    මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීම සදහා වසර 05 ක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ බවත් වර්තමානයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගෙන් සියයට 70 ක් ම බෝනොවන රෝගවලට ගොදුරු වී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඉදිරියේ දී සීනි නිෂ්පාදනය සඳහා අය කරන බදු ප‍්‍රමාණය ඉහළ නැංවීමට තමා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කරන බවත් සීනි සඳහා බදු ඉහළ නැංවිය යුතු බව තමා පසුගිය වසරේ ප‍්‍රකාශ කළ පසු විවිධ විවේචන ඉදිරිපත් වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    බෝනොවන රෝගවලට ජනතාව ගොදුරුවීම අවම කර ගැනීම සඳහා එංගලන්තයේ සීනිවලට අයකෙරෙන බදු ප‍්‍රතිශතය ඉහළ දමා තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  බීම වර්ගවල අඩංගුවන සීනි ප‍්‍රමාණය සඳහන් කරන ලෙස නිකුත් කළ ගැසට් පත‍්‍රය ජනතාව මෙම උවදුරින් බේරා ගැනීම සඳහා අනිවාර්යෙන්ම ක‍්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.

     ඒ මහතා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මෙම යෝජනාව අනුමත කළ බවයි.

    සිගරට් පැකට් තුළ රූපමය අවවාද ඇතුළත් රූප සටහන් සියයට 80 ක් ඇතුළත් කර තිබෙන බවත් ඉදිරියේ දී කිසිදු සඳහනක් නොමැති සිගරට් පැකට් සඳහා නියෝග නිකුත් කිරීමට සුදානම් බවද ඒ මහතා පේනවා දුන්නේය.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ බීම නිෂ්පාදන සමාගම්වල නිලධාරීන් සහභාගිව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya