අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකා – ඉන්දුනීසියා ජනපතිවරු හමු වෙති

    මැයි 29, 2016

    ජී 7 සමුළුවට සහභාගීවීමට ජපානයට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉන්දුනිසියා ජනාධිපති (Joko widodo)මැතිතුමා අතර ද්විපාර්ශවික සාකච්ඡා  ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.

    දෙරටේ රාජ්‍ය නායකයින් අතර ඉතා සුහදශීලි මට්ටමින් පැවති මෙම සාකච්ඡාවලදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

    ඉන්දුනීසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ගුවන් ගමන් වාර ප‍්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉන්දුනිසියානු ජාතික ගුවන් සේවය වන ගරුඩා ගුවන් සේවයට අයත් ශී‍්‍ර ලංකා ගුවන් ගමන් වාර ප‍්‍රමාණය ඉදිරියේදී ඉහළ නැංවීමට අවධානය යොමු කරන බව ඉන්දුනිසියානු ජනාධිපතිවරයා පැවසීය.

    දෙරටේ ආර්ථික මෙන්ම වෙළෙඳ කටයුතු පිළිබඳව රාජ්‍ය නායකයින් අතර මෙහිදි අදහස් හුවමාරු කර ගැනිණි.

    ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන අපනයන භෝගයක් වන රබර් සඳහා විදේශ වෙළඳපළ තුළ හොඳ මිලක් ලබා ගැනීමට ශි‍්‍ර ලංකාවට අවශ්‍ය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළ අතර ඒ පිළිබඳව ඉදිරියේදී පොදු එකඟතාවයකින් කටයුතු කිරීමට නායකයින්ගේ අවධානය යොමු විය.

    ශී‍්‍ර ලංකාව දැනට ඉන්දියාව සහ පාකිස්ථානය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට එළැඹ සිටින අතර ඉදිරියේදී චිනය සහ සිංගප්පූරුව සමගද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

    ශී‍්‍ර ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී ඉන්දුනීසියා ජනාධිපතිවරයා දැනුවත් කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ඉන්දුනිසියානු ආයෝජකයින් වැඩි වශයෙන් යොමු කරන ලෙස ඉල්ලීමක් ද කළේය.

    ඉන්දියානු සාගර නිම්වළලු සංගමයේ (Indian Ocean Rim Association) සභාපතිත්වය ඉදිරියේදී ඉන්දුනීසියාවට හිමිවීමට නියමිත අතර එහි කටයුතු සඳහා සහයවන ලෙස ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටි අතර එම කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදෙන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    pmdnews

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya