අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති අද කොරියා යයි

    මැයි 28, 2016

    දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැත්වෙන “2016  රොටරි ජාත්‍යන්තර සමුළුවට“ සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

    එම සමුළුව හෙට (29) සිට 1 වන දා දක්වා පැවැත් වේ.

     
    තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ උසස් සංවර්ධිත හා සංස්කෘතික වශයෙන් ඓතිහාසිකව බැදුණු ජාතියක් ලෙස කොරියාවේ වර්තමාන සාර්ථකත්වය සහ වර්ධනය යන්න මෙම සමුළුවේ ප්‍රධාන තේමාව වන අතර එම සාර්ථකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම කෙරෙහි මෙම සංචාරයේ දී අවධානය යොමුවනු ඇත.

    රටවල් 160 ක් නියෝජනය කරමින් රොටරි සංගමයේ සාමාජිකයින් 50,000 කට අධික පිරිසක් සහ රටවල් කිහිපයක නායකයෝ සහභාගී වන මෙම ජාත්‍යන්තර සමුළුව අමතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මෙනවිය ද මෙම සංචාරයට එක්වීමට නියමිත බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya