අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි වෛද්‍ය පත්වීම් ලබාදීමට සුදානම් නැහැ- සෞඛ්‍ය ඇමැති

    මැයි 28, 2016

    වෘත්තීය සමිතිවලට අවශ්‍ය පරිදි වෛද්‍ය පත්වීම් ලබාදීමට සුදානම් නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    මහනුවර ප‍්‍රදේශයේ වසරක් පසා ලබාදෙන බත් දන්සැලට එකතු වූ ආධාර ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාවට ලබාදීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


    සීමාවාසික වෛද්‍ය පත්වීම් සහ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා ලකුණු ක‍්‍රමවේදයක් ස්ථාපිත කර තිබෙන බවත් එම ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදය කාටවත් වෙනස් කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    දැනට වසා දමා ඇති රෝහල් 40 ක් පමණ යළි විවෘත කිරීමට පියවර ගත් අතර ඒ සීමාවාසික පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදය විධිමත් කිරීම තුළින් වෛද්‍යවරුන් එම රෝහල්වලට අනුයුක්ත කර තිබෙන බව ද අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.


    කොළඹ ඇතුළු ප‍්‍රධාන රෝහල්වලට වැඩිපුර වෛද්‍යවරුන් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින බවත් එම ස්ථානවල වෛද්‍යවරුන්ගේ හිඟයන් නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.“

    සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින එම දත්ත වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සතුව නැහැ. වෛද්‍ය සේවා  අධ්‍යක්ෂවරයා සකස් කළ ලේඛණය වැරදි බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කරන්නේ. ඔවුන්ගේ ප‍්‍රකාශය දේශපාලන තීන්දුවක් වගෙයි. වෛද්‍ය පුරප්පාඩු පත් කිරීම වෘත්තීය සංගම්වල අවශ්‍යතාවයන් මත සිදු කරන්න බැහැ. එහි වගකීම තිබෙන්නේ අමාත්‍යාංශය සතුවයි. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය පරිදි වෛද්‍ය පත්වීම් ලබාදීමේ ක‍්‍රමවේදයක් පැවැතුනත් මම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු එය ඉවත් කළා. වෛද්‍ය සංගමයට කරන්න පුළුවන් සහයෝගයක් ලබාදීම පමණයි. ජනතාව ආපදාවට ලක්ව සිටින මොහොතක වෛද්‍යවරුන් මෙවැනි වර්ජනයක් ආරම්භ කිරීම අනවශ්‍ය කරුණක්.”

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයට තමා සහභාගි වූ අකතර ලෝක සෞඛ්‍ය සංවිධානය ශ‍්‍රී ලංකායේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නංවාලීම සඳහා වැඩි වශයෙන් මුදල් ලබාදීමට තීරණය කර තිබෙන බවත්  දැනට ලබාදෙන මුදල සියයට 45 දක්වා වැඩි කිරීමටයි ඔවුන් තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     යහපත් සෞඛ්‍ය සේවාවක් ලංකාවේ ක‍්‍රියාත්මකවීම ඊට හේතු වී තිබෙන අතර  බෝනොවන රෝග පාලනය කිරීම සඳහා පරීක්ෂණ මධ්‍යස්ථාන සියලුම වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ආරම්භ කරන බව සඳහන් කළ අමාත්‍යවරයා  එම ස්ථානවල පිළිකා පරීක්ෂණ, රුධිර පීඩනය, වැනි පරීක්ෂණ සිදු කර ගත හැකි බව ද සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ  එවැනි ස්ථාන 842 ක් පිහිටුවන අතර, කාන්තා රෝග හදුනා ගැනීමේ  මධ්‍යස්ථාන 942 ක් ස්ථාපිත කරන බවයි.

    ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍ය කඳවුරු අඛණ්ඩව තවදුරටත් පවත්වාගෙන යන අතර එම නිසා වසංගත රෝග පැතිර යාම පාලනය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබෙන බවත් මෙම වැඩපිළිවෙළ ආපදාවට පත් සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ක‍්‍රියාත්මක කර තිබෙන බව ද වැඩිදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya